9 වන පරිච්ඡේදය
 

නියමින් මදක් අඩු වැඩි වුවහොත් ගතින
වියතුන් විසින් අසුබය කියති සතරින
එබැවින් රනිඳු උන'ඟය කළ දළ නුවන
මෙරජුන් රුවට සම වෙයි කියති කෙ ලෙසින


සොබමන් මෙ නරනිරිඳුගේ දළ දන් වතුර
දිළිඳුන් ළ වැව ගං හෝ පුරමින් නොහැර
කිවිඳුන් වැණුම් සයුරතැ වැඳැ එක පැහැර
හැමතැන් වතළ රළ ලෙස යුග කෙළ සයුර


රවුළු දිනූ පවර සිරිරම් රජහු මෙන
ඇවුළු නොයෙක් විරිදුන් දුරැර විකු මෙන
සවුළු ලැමැති කුල කිරුළග මිණක් මෙම
අවුළු වමින් වැජඹේ සිරි ලක තෙදින


තර සිවු පා ගුණ දම බැඳෙමින් සිටින
දළ දම් සොඬ පිරිසිදු කිත් සිරි රඳන
සතඟ දෙරණ සුපිහිටි ගතිනි වොරඳන
මනෙර වර කලණ වරණෙව් දිසි නිතින


දියමුදුනා පත් ගණ රැඳි සුපිරි සුදු
නිතිසෙවුනා මහි පා පත් යුත් සිනිඳු
සිරි රඳනා දිනකර සිය මෙ නර නිඳු
කමල මෙනා බබළයි හැම වරැ පුබුදු


නොමදින සකල නෙක මිහි සුරු මුදුන් වන
සිවු සැට කලා පිරි කද හස උනු නොවන
දෙපස සුපිරිසිදු තුඟු සිහසුන රඳන
මෙ නිරිඳු තරිඳු ජයගෙන බබළයි නිතින


දහසක් වතිනි දහසක් වර හැම දවස
දහසක් වස් කීවත් නොගෙවෙන මොහු යසස
වසිනෙත් සිය ආයු ලැබ නර පණු වැ වැස
මම එක් මුවෙන් පවසා නිමවමි කෙලෙස


බන් නව රුවක් තුඟු රන් ටැඹ පුදුන
රන් කලදෝ දැව පේ කඩිති බබළන
මන් පිනවන කටහම් රු යුතු නොමින
නන් විසිතුරු බිතු සිතුවමිනි වොරදන

(c) Shilpa Sayura Foundation 2006-2017