චක්‍රායුධ රැගෙන
අනිමි කඩු කොන්තයෙන
දමමි ගිනි අඟුරු ගෙණ
රකුසු වෙස් මවා ගෙණ
අවට කර ගුගුල මිණ
සුර බඹුන් දැක බසින
ගියෝ තැන් තැන් විමන්
මුණිතුමන් ගුණ බෙලෙන්
දස පෙරුම් සිහි කෙරෙන්
සවණ ගෙණ එබුදු රැස්
අනෙක සක්‌වළ හරිත්
දෙව් බඹුන් පිරිවරත්
බෝ රජුට පුද කෙරෙත්
ගුවන් සක්‌මන් කෙරෙත්
රුවන් ගෙයි සතියකුත්
දහම් අබිදම් දෙසත්
වසින වැසි දවස් සත්
නාග මුචලිඳු ඇවිත්
දරණ කොට සෙවන ලත්
අජපල් ද නුග මුලත්
වැඬ ඉදන් ලොව බලත්
වෙළෙඳු යන මඟ නැවත්
ගමන් නැති වූ බවත්
දුන්නු මී දානයත්
එහි ම ඉඳ වළඳවත්
ගමන් ලා ඒ නැවත්
දහම් අබිදම දොසත්
කෙළින් කෙළ අටළොසක්
බඹුන් ඈර මොක් පුරක්
අසුර බව අංගුලි ත්
ආලෝක යකු දැපත්
පාතාල නයි හැමත්
නන්දො ද ගිරි කුළුත්
මෙ හැම ත් වනද වත්
![](/sayura/images/logo2.png)