මන නඳ රාජසිහ රජු තෙදග නොමදින
රුපු රද යසස මැඩ දස දෙස වතළ මෙන
පිරි සිඳ කිරණ සහ තුරු මුකුලිත ගුවන
පැහැ නද අරුණු රස් එන ලෙස පෙර දිගින
හසළ සමර කරනුව ඇම තැනැ පසිඳු
උදුළ සිපත ගෙනැ බම වත මෙ නරනිඳු
ලකළ සුනෙර ගිර වට කැරැ කැරැ නොමදු
වතළ වැනි දහස් සුවහස් පමණ විදු
තිරසර ගුණැති මෙ නිරිඳු සදහස නොලස
මෙර ගිර මතට වත් ඇණ ලත නොවි ලස
පරණැල නො පැකිලෙන රත් කළ යවුල ලෙස
නොරඳයි අතර පිටතට මුණය දැකැ මිස
දසට අවි සමර දත් මෙ හිමි ගෙන'තට
ලෙසට විදුලි ලෙළවත රිසිනි කග පට
දෙපිට සිය දහස් වර වදිය විට විට
මොහුට එයින් සරි කවුරුද කග සිපට
නොමදින් විකුම් පළකළ විලසින් නරණ
සොබමන් මෙ රජ කරැ රැඳි විහිදෙන කිරණ
සිපතින් දරා සිටියෙන් සියලු මෙ දෙරණ
වෙසෙසින් සැතැපුණේ නත නා රජුගෙ පෙණ
කලා පති යසැති මොහු දුනු කම් පවර
බලා නොසම වනුයෙන් විළි වැ පුරඳර
නොලා මැ තම දුන්නෙහි දුනුදිය විතර
වලා කුළෙහි සඟවන වැනි වරින් වර
හිමග කෙලෙස මෙර ගිරි සරි පුවතරම
වලග කර රහස පද ඇත් ඇතොත් තුම
සිතඟ නැගී බමවයි පා තම මහිම
මතඟ නැඟුම් ඉන් මෙ රජුගෙ කියනු කිම
සොබන නකුල රජු මෙන් නැඟෙමින් අසුට
ලෙසින යුගත නල මෙහෙයා වේ දිගට
තොසින මෙ මිස නරනිඳු දෙන නද විටින් විට
ඇසෙන පමණ මිස භය නොපෙණෙයි ඇසට