සතොස වඩන මන කොඳ මෙරජුගෙ දුලය
වෙහෙස වුවන පුන් සඳ නෙතු නිලුපුලය
නොලස දවා හළු කළ රුදු රුපු කැලය
කෙලෙස ඇති වීද පුවතර තෙද නලය
විපුල් මෙ නිරිඳුගෙ පිරිසුදු යස රැසින
කොපුල් කර විලස් වත වෙන් බඳ සොබන
නිමල් දිගු පුළුල් පැහැදුල් යුවළැසිත
කුහුල් දුරැර සැපසේ විසු කමලඟන
සිරින් සුරිදු වන් මෙ නිරිඳුගෙ දිය තග
නිතින් පැතිරැ යන පිරිසිදු යස නෙදිග
පසන් සුනිල් මිණි තර හෙබි කලිදු ගඟ
වනින් නොවෙත් කෙළෙ කිරිසිදු හා සමඟ
දිසි අග රඟ මිණෙක වන් රිවි කුල කිරුළ
මුළු දිය තග මෙ නිරිඳු යස රැස නැබළ
දුළ සුර ගඟ යට දිය තෙක් සෙවණ කළ
බඹ උතු මඟ සේසත් විලස පළ කළ
රුපු බල දළ දප හළ මෙ රජුගෙ නැබල
පළ හෙළ යසින් සුදු වත මෙ මුළු දිය තුළ
ගනකුළ සිරින් දිසි තුඟු තුල් අඳුන් කුළ
පැහැදුළ කෙළෙස් ගිරි රජ විලස පළ කළ
ඉඳු බඳු යසැති මොහු යුද වන් කල ඇවිස
උදු රුදු බියෙනි යන රුපු රද පෙර දවස
රුදු සිදු ගජ නැඟුම් හසළෙන් මිස වෙසෙස
සෙදු කඳු නැගි දිවි රැක ගත හැකි කෙලෙස
යස හර සැදු හැම දිගු වරඟනන් කට
පුවතර මෙ හිමි ඉසුරෙන් සරි සුරනිඳුට
තිරසර විකුම් විතරණ සබවස සොඳට
හැමවර රකී සිය දිවි සතර වැනි කොට
දසට අවි සරම දැන විරිදු බිඳ හළ
දසට පොරණරුන් සිතුසේ පුහුණු කළ
දසට පසිදු මෙනිරිදු රිවි කුල කිරුළ
දසට දෙසෙහි බස සිය බස මෙන් හසළ