6 වන පරිච්ඡේදය
 

මනනද මෙරද හිමි මිහි මඩල නොම හැර
පිරිසිදු සිවු සයුර එක්සත් කරන වර
මොහු පද නිය කිරණ සුර ගඟ දරා සිර
රුපුරද ඉසුරු බව ලදු හැම බිය දුරැර


ඉඳ දෙවි ලිය තුඟු තුල සුනෙර ගිරි හිස
හිම පව් දෙසැ සිදු විදුදර කිනිරු රැස
පිරි සවි සිරි මෙ නිරිඳු තියු කියන ගොස
විය ඔව් නොවුනට රැව් පිළිරැව් විලස


තෙද නල වැදැ පුවතර මෙරජුගෙ නොමඳ
සෙද උණු වත රුදු රුපු රද මහ මුහුද
තද වෙහස වෑ ජයසිරි සඳ එහි නො හිඳ
වැද ඉඳිනෙව් මොහු උර මැදුරතට සෙද


සකත සවත විකුමැති මෙ රජුගෙ සොබන
දිගත පැතිරැ යත තෙද යුගත මෙන
තිනෙත සඳ වලා පෙළයැ යි සලකමින
මොහොත රඟ වෙහෙසිනි අවසර නොදැන


දුළ යුග කෙළ රිවි හර දළ නයන මෙන
පළ තද තෙද පැතිරෙන මෙ රදුගෙ සොබන
දළ දප දෙලෙනොද වැඩි රුපු සිඳු සිඳෙන
වළ බ නල සිරින් තෙවුණේ යැ හැම දින


රුපු රඹරන් සුන් කළ මෙ නිරිඳු සිඳුරු
ඔවුන ඹුවන් උර තල රැදි තන තිසරු
පුඩු තුඩගින් ගත් මුතු හර පොකුරු කුරු
තෙද සොඩඟින් ගෙන තමහට කෙළ ගොදුරු


දියනෙත කුලග මෙ නිරිඳු තෙජ බිජු දිමුත
සිඳුවත රුදුරු රුපුනඹුවන්ගෙ මන කෙත
නොනැවත නැගි ළසෝ සුහුඹුලකුරෙහි මත
පැහැපත දෙපෙති සිරි ගති උන් සුරත නෙත


මනරඟ මෙ නරනිඳු තද තෙදග මඩලෙ න
බව අග දකින තුරු මැඩැගත එක ලෙසින
සුරගඟ නගනු වස් ගිය සුරඹ සිඳගන
සෙද නැග විසිරැ දවගතු තැනැ තැනැ බියෙන

(c) Shilpa Sayura Foundation 2006-2017