5 වන පරිච්ඡේදය
 

තවද, මේ පුරවරාධිශ්වර සමසත සාමනත භූපාල මණිමෞලිමාලාලංකෘත ශ්‍රීපාද පද්ම චනෙඥචාපශෝභිත ශ්‍රී රාජ සිංහ මහෝත්තමයාගේ කීර්ති ප්‍රතාපාධිගුණෛකදේශයක් ශ්‍රවණය කර


හර තුරු රාජ විලසින් යසැති නොවිතර
නිසි මනු රාජ කුලයෙන් පැවැතෙන පවර
රුපු පර රාජ මත ගජ බිඳි කෙසර යුර
දින වර රාජ සිහ නරනිඳු සඳ මෙපුර


වසත මෙපුර වෙතැ සරසවිය සිරිකත
සැපත වියෝ දුක් නො මැ කරමිනුදු සිත
සතන බඹසරම රැකියෙන් මිසැ සතත
සකත ලෙස සොවින් කළු නොමැ වේද ගත


උවිඳු කිරණ අළලන සඳැ නැගි සොබන
තරිඳු අමා සිතුමිණ සුරතුර රැගෙන
සිනිඳු වත තෙපල සිත අතට යොදමින
පසිඳු මෙ හිමි මැවු වැනි මහ බඹ විසින


නොහිමි සතුරු ගනඳුරු දුර ලමිනි රුදු
දැගුමි වත මෙසිරි ලක'ඹර මෙ හිමි සඳු
උතුම් සිවු සඟර වත් කිරණින් සිනිඳු
උදම් කෙළය සව් සත සතත පෙම් සිඳු


වෙන් විකුමැති මෙ නිරිඳු සොඳුරු හස රද
වන් තෙද සිළු තුඩු දිගු කරමින වො රද
නන් දෙසැරද කර සර පඬුරු මුවරද
මන් ලෙසැ රෙගෙනැ වැජඹේ ලකසර අරද


සතත මෙ හිමි කර මහ මෙයිනි පැහැ ඳුළ
ගසත සිපත සෙණ රුපු නිරිඳු ගිරි කුළ
දිගත පැතිරැ යන යස ගිගුමට නැබළ
පතිත විය උන'ඹු කරැ හර බලා වැළ


සිරිමත මෙ හිමි යුද කැරැ වැදැ රුපු නුවර
නොනැවත දිනූ බව දැකැ බියෙනි රද'සුර
සිඳුසත අගළ සත් කුළ පවු පවුරු කැර
නිකුළත වෙසෙයි සිතෙනුය බල කොටැ සුනෙර


හරසුර ගඟ තරඟ රඟ යසැති සුනිමල
වැදතර සර මෙර ද තෙද යුගත සැඩ නල
මැතිවර තුමුළ සත් කුල ගිරි පෙළිනවල
රුපුනර වර සුනෙර මුලිනිගිළැ ගිය බල

(c) Shilpa Sayura Foundation 2006-2017