4 වන පරිච්ඡේදය
 

දිතු සෙන් ජය රැගෙන සිය තෙදණ මහිමෙන
සුරසෙන් ලෙසින් සුදසුන් වේ මග සරන
රුපුසෙන් බිඳ දිනා යස දසතැ පුරමින
මහසෙන් සිටිති පුරවෙයැ නොහැරැ පිරෙමින


නොමින් සව් ඉසුරු සහ පිරිසිදු කුලැති
නුවන් පිනන රන් රූ සදිසි රුසිරැති
පසන් සලෙළු සැලෙළන් හට එහි නැවැති
පහන් වන පමණ මිසැ වෙන දුකෙක් නැති


සිවු වහසල් මුව සිවු වේ හිසින් යුති
දෙවි විමනත සත ඉඳුනිල් කොත් දළැති
ලෙව් අග පත් මෙහි රජ පහ සුදු පැහැති
එවි මහ බඹ දිසි නොපමණ දිගා ඇති


තඹර වති'ඳුවර නෙත් රතු'පුල් ලවනී
බමර බැම සෙවෙල් වරලස කොඳ දසනී
පතර තිසර තන විල් ලිහිණි මෙවුලෙනී
එපුර ගෙදිගු විල් කල් බඳ සෙ සිත් ගනී


සොබන මෙපුර ගප් හය සෙන් දැරු බරින
නොමින වෙහෙස විදිනා නතනා විසින
හෙළන නගන සුසුමෙහි ගිගුමට ඇසෙන
නොදැන මුහුදු ගොස යයි කියති දද දන


සතර දිගතහිමි හිමි වසන ඇම දින
ගැඹර නැණින් යුතු නෙක මැති ගන රඳන
විතර නොවන මහවේ ගජ සෙන් සරන
අමර පුර දිනි නිති මෙ පුර වැජඹෙන


සකත සවන ලෙස බුජ බල විකුම් යුත
නුමුත සමත මහසෙන් රඳනා සතත
මහත සැපත පිරි මෙ පුරෙහි සිරි අනත
වනත අනත නරඹන සක මුත් කෙ වත


"ලොවැ සැමතැනැ සැපත්-එකතැනැ සැපත් සිරිගත්
සත් නෙත් සිත් රැගත්-එ මහත් මෙපුර වරෙහි"

(c) Shilpa Sayura Foundation 2006-2017