2 වන පරිච්ඡේදය
 

මිතුරු හස ලකළ කළ මෙර ද රද සුවිසුළ
ලෙළ තරළ මිණ දිසිවු
මිතුර රස බස් නුසුන් ඒ අසුන් කියමි
මතු දැන් මෙ තොප නිකුත් වන සවිඉසුරු
නුමුත් වන මෙ පුරැ සිරිසර වැනුම්
මිණි කොඩොල් තා සවන් සඳ


පැහැසර යසැති සේනා රක පතිසෙ දුළ
මුළු දියතෙක මාතා වක වන් නැබළ
හැමවර සිරි දිනා රැක වරණ කළ
දනුම මිතුරෝ සිතා වක පුර ලකළ


මනහර දිගත පැතිරෙන සඳ කැන් හරණ
තරසර තුඟු පවුර රැඳි පිළිමිණි කිරණ
නරවර නරණ රඳනා මෙ නුවර කිරණ
වටකර අනත නා රද ලූ වැනි දරණ


පැහැදුළ තුඟ පළ හෙළ පවුර අබියස
රළපෙළ වතළ කළ ලෙළ දිය'හළ විලස
ගතඹළ වෙයින් රඟ දෙන වරැ දළ දළැස
සුලකළ අහස් ගඟ හුණු වැනි වට කෙලෙස


මනහර මෙපුර වර පහ කො'තගැ අපමණ
ගනඳර ඳරැ'ර බබළන රතමිණි කිරණ
තමපර පුරැර දුට දුන් තෙද දෝ දරුණ
දිනකර හටරැ යිදු බිසරුවො වෙති උරණ


නිලා මිණින් සුලකළ මැදුරු මුදුනතා
දුලා දුහුල් කල දෝ රන් දද ලෙළෙනා
පුලා බලා විදුරැදි ගණ කුළු සිතා
ලොලා වෙලා ගෙ මියුරු මියුරු නද දෙනා


මෙපුර වර විසල් සල් පිල් තුළැ උදුළ
පතර අනගි මුතුමිණි රැස් රස් විසුළ
එවර ගතිසි ගෙනැදිලියෙන් සිලිල් උළ
සයුර විලස් සතහට නොහැර පළ කළ


නිමල් මිණි මැදුරුවලැ සී මැදුරු පත
ළකල් කලුන් වත නරඹා දිමුත
සුපුල් සොඳුරු පියුමැයි දිගු කරමිනත
කුහුල් සිතින් හැසිරෙති එහි මතඟ මත

(c) Shilpa Sayura Foundation 2006-2017