සිව්වන පරිච්ඡේදය
 

විකුම් දැඩි ඉකුම්වා රුදු රුපුන් පතා
තරම් වැඩි පදවි නන් තියු සිරින් යුතා
අදමි එඩි නොකළ පළ අණසකින් ගතා
අගම් පඩි සෙනඟ වෙත යළි සිතන් සෙතා


අත්හල උදුල අවි රුපු කැල කළ සසල
ගත් නිල අසල කර විකුමන් පෑ අතුල
වත්තල මෙඛල වෙත සලසා ජය මඟුල
සෙත් බල සියල සිරි දුන මැනවි සුවිපුල


දිලී කග'වි රණ යකුහට කරන බිලී
ඇලී සිතින් සිරි සඳ ඉඳින ඇදහිලී
ලොලී වෙමින් රැකි ඇම සත ඇසිර කලී
කුලී සෙනඟ ළඟ කළ මැනවි ජය බලී


ජයරම් පුර සෙ රඳවා රජ පුර සකස
මනරම් සිරින් සිරිකත වන් පියුම් රැස
කොතරම් ඉසුරු වුව දෙන යදි අයැද ලෙස
නගරම් සිටුතුමන් සිදු කරනු මන් තොස


පිනා දෙනා නා නා සිරිසර වතිනා
දනා මනා නා සොම්නසිනි වොරඳනා
මනා මෙසේ නා නායක මැතින් මනා
මෙනා දිනා නා බල නැබළ දුන මනා


වෙන් හස් කරන විකුමෙන් මන් වෙමින් තිරා
මන්හස් දරන රජදම් මිණි නිදන් වරා
රන්හස් සරන සිරිලක් සර සිරින් සරා
සන්හස් කරන කැමිඳුන් මන් රිසින් පුරා


සුසැද බුදු සාසන - සිරින් සුලකළ ඇමසඳ
පැහැසර දහම් කොත් දිය කොත් කළ දියත
පැනසර දහම් කිත් මාහිමි සඳ සමිත
මහ ගුණ මහතෙර - සුළු තෙර පවර හිමිනුදු
උබය ලොවට සරු පින්කෙත් කළ දැන්ම
උබය වාසයේ මහ සඟ ඇම තැන්ම


තුස්වා ගුණ නුවණ ආසිරි දී දිගට
වස්වා එක්ව කිර'ඹෙ'වි ලෙවි සතුටු කොට
පස්වා දහස් දම් රකිනුව දෙවි රඳුට
අස්වා කියන් මෙවදන් යළිදු නම කොට


සත මිත් අමිත් රැකි - මෙන් සිලිල පිරී සයුරෙ'වි
විසිතුරු මිතුරු අනතුරු නිසයුරු සෙයින
ලක'තුරු අතුරු නොව දුක'ඳුරු දුරු
ලෝ සෙත් කර බැබලි - කිහිරැලි පුල් සුරිඳු වෙත
මෙතා හිත අතින් වැඩි දළ බැතින් ඉතා
මෙතා හිත සිතින් පතමින් සතන් සෙතා


වේවා සෙමෙන් සැළ කරමින් අද නන්ද
ගාවා තසය ගී ලොව සැම එක බන්ද
නාවා ලෙවන් අදරින් නෑ මිතුරන්ද
බෝවා පවතු සිරි විඳ විඳ මොනරින්ද


කිවිසුරු මත කිරුළු යුරු රැඳි නැණිනී සරූ
ගුණසරු ගුරුළු දැමී ඇදුරිඳුට මුනුබුරූ
කිවිසුරු කිවි පුවළ කිවි රස බස මහරූ
මෙමියුරු මියුරු සඳෙසය කළ රස සපිරූ

(c) Shilpa Sayura Foundation 2006-2017