සෙත යදි සක් හට දෙන දිගු බිත ඉසිරි
පිරි මුළු සක්වල පුල් සුරිඳු යස සිරි
ලෙස වෙසෙසක් කැර නතනාහටත් සරි
වත දහසක් තව ලදුවත් වනනු බැරි
දන්වා රඳුන් කිරුළ'ග මිණි කැන් සෙයිනි
පෙන්වා පැවති නිති තෙද දුළ ළුදුළ මෙනි
ගන්වා දහම් ලක රැකි සුරිඳුට බැතිනි
දන්වා ලන්න ගිය කටයුතු තතු ලෙසිනි
සේ කිරණ රන් සිඳු - සේ කර කිරණ රත් සිඳු
යස තෙද බා තුරු නොතබා ලොව දිමුත
අප මහ බා බුවනෙකබා නිරිඳු වෙත
ලෝ වැඩ අදහසින් - සාසන රැකුම් මුල් කර
සාර හිව් බෙලෙන් දිය රැක්ම මුල් කොට
බාර හෙයින් හිමි සිරි ලක්දිව ඔබට
යොමා කුලුණු මෙන් සව් දිග රුපුන් දමා
නිමා කර දුසිරි සිරිලක දුරින් දමා
සෙමා දෙමින් රකිනුව පද'රුතන් දමා
ඇමා බල දෙවයි අයදින් සකින් දමා
රිවිකුල කිරි මුහුද - ඔද වඩන පුන් සඳුයුරු
අල්ප සිතා නොසිතා වත දෙමින් ඉතා
කල්ප ලතා සරනා වන් ලෙවන් වෙතා
පිරි සිරි සඳ ලෙසින් - ඇම සඳ පිය සිරිත් සොඳ
සැදූ සඳුන් වැනි යස දිග'ඟනන් ගතා
රදූ සඳුන් කුල රූ ගුණ මුදුන් පතා
දිය කොත් දියත් නඟමින් කුල හොබවන්ට
පිය පුත් රුවන් වඩමින් ලෝ රැක දෙන්ට
ලිය මත් මුහුළු මෙන් රකුවයි බබළන්ට
දිය යුත් වදන් වැඳ වැඳ සිට සුරිඳුන්ට
රිවි සඳ සෙ තෙද යස - සැදි දෙපස රන්ගිරි යුරු
සයුරක් සේ නෑර තියූ ගී නදින් රැඳි
අලගක් කෝනාර හිමිසිරි සඳ වැලඳි
සතපා උපා ගුරු - ඈපා හිමිද පින්සරු
දෙවි තුරු මෙන් ලෙව් රුති දුන් නඳුන් යුත
දෙවි හිමි සඳ සව් සැපතින් මුදුන් පත
පිනානා ලක මෙතුන් බෑ හිමින් වෙත
මනානා ලොවිනි'සුරු දෙවමින් සතත
දිනානා ලෙසින් තෙද දියුණා දිගත
දිනානා විකුම් දුන මැනවි දිය සෙත