දෙවන පරිච්ඡේදය
 

සසොබා ලෙළ පද පද පද'නුවම තබා
නොතබා රැව් දුන් සන් සල සලඹා
නරඹා සුරඟන වන් රඟ නර'ඹා
ඔලඹා ලනු බැරි සිතු නොම කලඹා


රළලා උපුලා ලෙළුම තුලායා
නෙතු'ලා බැමලා බමවා ලායා
රඟලා එකලා බැලුම'ස ලායා
නෙතලා සිතලා ඇද බැඳ ලායා


ලකළ රුවන් රන් බන්දී
ලෙළන අතැ'ම සිතු බැන්දී
කියු ලිය ගී සුරු සන් දී
අසන රිසිය එම කන් දී


යුග කොපුලා බිත උදුලා
මිණි කොඩොලා කර සසලා
එ මනකලා රඟන කලා
වතම බලා රිසි නොපලා


වයන් නන් පෙදෙයි ලා තබා පා ගියෙන්නේ
අඟින් නන් රඟන්නන් සුරන් යැයි සිතෙන්නේ
මෙවන් රූ නුවන් වන් ලෙවන් කුමි කියන්නේ
මලින් දුන්න ගත්තේද ගැත්තේය උන්නේ


කුහුල් වන් මියුල් දෙන් නෙතෙ වි නෙත් බැලුම් ලා
කමල් වන් වතින් ගී මතින් රැවු නැඟුම් ලා
ළහෝ පත් නොපත් තුල් අතුල් පෑ ලෙළුමී ලා
නිවායේ දනන් වන් නිවායේ රැඟුම් ලා


මත් ව මනමන් සිරිනි ගී රස හිවානෝ
අත් තලට ගත් ලෙළෙත  විදුලිය සමානෝ
රත් පබල පත් අයුරු පත්ල බිම පානෝ
සත් සතුටු වත් නොපටු සිත් වඩති යෝනෝ


අඟනක රඟ බැස රඟන'තරායා
තනනා තන නම් රන් තිසරායා
විලසින් දනුයෙන් දෙවි අසරායා
දුන් ගී මන මත් කරවන රායා


බැලුම් ඇලුම් කරන ලොලේ
කතක එරග රඟන කලේ
පැළඳි සවන නිල් උපුලේ
නෙතට පැරදි සෙයින් සැලේ


පෑ තුනු පෑ තුනු සුර අඟනන්නේ
ලෝවටනා රඟනා නිළියන්නේ
සීලස රූ රසයින් නෙත ලන්නේ
වේ තුට මේ තුට මේ දුටු වැන්නේ

(c) Shilpa Sayura Foundation 2006-2017