පැපත් සුදම් සබයේ සිරි පහළ කොට
යාපත් විලස පානා මෙන් නර ලොවට
මාවත් පතනුවන් වන් විට වන පිහිට
මාවත් මඬුව දැක යා ගන් පුරවරට
ලෙවි රකිනුව ලක සක කළ නියෝ මෙනේ
දෙවි රජහිමි දෙවිනුවරට වඩින දිනේ
දෙවි පුරයෙන් පහ බෑ යොත් තිබූ මෙනේ
සවි මිණි කොත් කැන් දිළි ගුවන ගටමිනේ
විසිතුරු පුර'ඹ වටොරට පැරද විළියෙන
නිරතුරු යනෙ'න ලස ගමනැ'ය නරඹමින
පිවිතුරු සුතන් හැර යනු බැරිව තැන තැන
රඹතුරු නමා සිටිනෙ'වි මුව කුඩා වන
ළඳුන් කැකුළු තන පට බැම්මකින් යුතේ
එවන් දගේ සිට දුටුවන් බැඳ ලතේ
මෙයින් මිදීමෙන් පැලඹුමි ලැබුණ හොතේ
සෙදින් මෙමුළු ලොව වුව බැඳ ලති සිතේ
සි සී වතට කිව කිවි දන කියති සිසී
නොසී කරනු ඉන් නිලු'පුල නෙතට නිසී
ලැසි ගමන් වත හස ගමන පසු බසී
පසී පසින් වැඩි සැර ලති ලියෝ නිසි
පුරඳර පුර අයුරු - පුර සිරි බලා මෙලෙසින්
වැඩම කර රජගෙට - වැඩම කර දෙන මිතුර සතොසින්
සරා සිරින් රැක සිට රජ දොරා දොරා
වරා සඳින් දුක'ඳුරු දිව යුරා යුරා
නිරා කුලෙන් සත රැකි වමසුරා සුරා
පුරා බැගින් නැමෙමින් නමකරා කරා
නිලට කෙවිලි රන් ලිය වදල රැවු සමා
ලෙලව කියන ලිය ලිය ගියට කන් නමා
ලොලව මෙසෙවු රූ නොම දුටු විරු තමා
බලව නළඹවන් රඟමඩල නෙත් යොමා
රත කමලේ පෙති සිරි ඇති ඇඟිලි
ලෙළ එකලේ කල කරතලිනු'දු ලී
රඟ මඬලේ ඉසි පුල් මල් ඇඳිලී
පැහැන වලේ තුරු දිලි නුබ කියලී
![](/sayura/images/logo2.png)