දෙවන පරිච්ඡේදය
 

වෙන්කොට වනත ගෙවුයන් සිරි නොදන හැකි
මන්තුට වඩන යැදි සිරි දෙන දෙවි තුරකි
පින්කොට නොගොස් ඔබ මෙලොවම පැමිණි සකි
බෙන්තොට දෙගොඩ දෙනුවර දෙවි ලෝ දෙකකි


පරතෙර පැමිණි අවිසිප් සමුදුරේ දුර
වරතර සරම ඇම දැනගත් ගත් පවර
වැරසර සමර සෙබළුන් රඳනා නිතොර
පරතර කයේ කය සතපා යන් මිතුර


නෙතතට වතට වලඟට පිය පියයුරට
සරිකොට උවමි මෙලොවැ'ම නොසිතෙන සිතට
නොපදුට වෙතට එන අඟනන් සතුටු කොට
වෙලිතොට ගමට වැද රඟ කොට යන් එපිට


දෙව්ලිය වෙන් නොදැනෙනු වෙන් සැකව තර
සියනෙතු වෙන් ලිය දුටුවෙන් නුදුටු පෙර
සසිනිඳු වෙන් දිගු දනු වෙන් කෙකා කර
තොටගමු වෙන් වැලි තුඩු වෙන් වඩු මොනර


බාල්ලේ පුරුදු කවිනළු සියල්ලේ
ඊල් ලේ වදන් දුන් ළඳුනු'දුල්ලේ
නෑල්ලේ කොතැනකත් ලොව මුළුල්ලේ
ගාල්ලේ සිරි දකු නොව පැකිල්ලේ


නඳව සයුරු ලෙල රළ සළු සලන්නේ
සොඳව සුපිපි තුරු සේසත් සෙ වන්නේ
රදව ලබන සැප එතෙකින් ලබන්නේ
රඳව මියුර සයුර'ස මිරිපැන්නේ


වන් සඳ සඳ රිවි බිඹු සමුදුරේ දුරේ
රන් කිරුළ'ග බඳ ඉඳු මිණි වරේ යුරේ
කැන් ලඹ දුන් මල් පුල් කිණිගිරේ තුරේ
මන් පිනවන පිනවන ලගු ලනු ම?දරේ කරේ


ගුවන් මණිහු කර නොපෑවිය දුන් බිමට
නුවන් පිනන පුල් වැටකේ පහන් වැට
ගෙවන් සුනිල් සැප වන පැමිණියන් හට
ගෙවන් සෙමෙන් සිට මාවත යටත් යට

(c) Shilpa Sayura Foundation 2006-2017