දෙව් හිමි
 

හිමි සඳ සොහොයුරු ගණ සයුරු මන්ත්‍රීශ්වරයාගේ ප්‍රකාශ ප්‍රතාප ශ්රවණය කර.


තුනුරුවන් නිති පුදන බැති පෙමින් ලැදි
මසුරුවන් සිතු සතුරු මෙන්ම ලුහුබැදි
සිතුරුවන් සෙයින් වත් දෙවන යැදි යැදි
මැතිරුවන් මෙදෙව් හිමි තුරෙ වි සැදි


ලෝසත් සතුන් කොඳ නඳ කරවමින් වත
යා පන් සොදුරු සෙන් තුරු පිරිනිවන් යුත
බෝසත් විලස උසුලන ලෝ මුදුන් පත
පෑ පත් සදෙ'ව් මෙ හිමි පිරි සිරිත් සත


සිව්වන වන් සවි සත ඇති කරවන්ට
සව් නෙතවන්  හව් රුපු දිරි සිඳුවන්ට
ලෙව් සිතුමෙන් සිව් සඟරාවත දෙන්ට
දෙවි හිමිදැන් දෙවි තුර පුර සරසන්ට


සිතුමින් සෙයින් සිරි දුන් එහිමින් වඳිනේ
කියමින් ගමන් සමුගන් මින්මන් නඳිනේ
නුබමින් යෙමින් අව රන් ගිරිවන් සඳිනේ
නුබමින් ගොසින් ගෙඋයන් වදිමින් ලගිනේ


උදේ ගිරින් රිවි එත තම කඳේ බිඳේ
සෙදේ බිගුන් මුව මල් මුවරදේ රැඳේ
ලැදේ වෙමින් ත-සබඳ අනුබඳේ සදේ
යෙදේ ගමන් එපුරින් සිරිනුදේ සඳේ


සිතු පාදා සත නොමඳා නඳා දෙන
නොවැ බාදා වත සමුදා යොදා ගෙන
කළ පුදා පින් පලදා උදා වන
වඳු වීදා ගම මුනිඳා උදා සන


නොපහන් වියත නොපැමිණියෙන් සරා කල
නොදවන් තවම පියයුරු තිසර උර විල
දෙනුවන් මියුරු තට නොම අළ ළඳුන් පිල
මිලිඳුන් මෙකල් වන් බොල්ගොඩ ගොසින් බල


සුනිල් පිල් පැහැපත් - තඹපත් පතර විදමින්
සුබ අඹ පිරිකල කලපුව මුදුනතිනි
නුඹ නුබ ගැල නැගෙමින් ගමනො'ත් සඳිනි
නොකලේ සඳ වෙලේ - උදුලේද මේ අසලේ
රත මිණි සමඟ සිඳු සිලිලද නැඟී යන
සපැමිණි මෙතැන මේ වෙල දෝ නයන'ඳන


මෙවන් සැකක් දෙවමින් වන දෙවියන්ට
පවන් මගින් යා කෙරෙමින් සෙමෙන් සිට
පවන් සිහිල් විඳ විඳ බසිමින් ගොඩට
නිවන් මං ගිමන් සැතපි යටන් යට

කලා සෙයින් නෙත රස දෙන දුටු මතින
නොලා නුවන් පිය බලමින් මින් මතින
වලා යෙමින් ලොබ නොව දෙන තුරු සදින
වෙලා පුරින් කළුතොටිනෙ'තරව වඩන

මනකල් තෙපුල් මන'වුල් කර ලිය කෙළන
බිඟුලොල් විමල් මල්තුරු ගෙවුයන් සෙවුන
ඇමකල් විසල් සල්පිල් වෙළඳුන් රඳන
සැදිහල් බේරු හල් ගම සැතපී වඩන

(c) Shilpa Sayura Foundation 2006-2017