ඡන්න නම් ඇමැති ගෙණ
කන්තක නම් අසු නැගෙන
තිස් යොදුන් මඟ ගෙවන
අනෝමා නම් ගඟින
පන්නවා එතෙර වන
කපා ඉසකේ වැටිය
සෙද දමා අහසටා
මහබඹු ද දුන් සිවුරු
පැළැඳ ගෙණ මහරුවෙන්
සළුව දැන් ලැබගෙනා
දඹ උයන මැද ගොසින්
සතියකුත් සිල් රුකා
පුරට රජගහ නුවර
ගෙපිළි හැම සිඟා ගෙන
යෙමින් පඬුවස් සෙවන
වැඩ ඉඳන් බැලු තැන
ගෙපිළි බත් පිළිකුළින
දෙතිස් කොට්ඨාස යෙන
කියා ගුණ වලඳි මින
ඌරුවෙල් දනව් මැද
සාවුරුදු දුක් විදින
වෙසඟ මැදි පොහොදිනා
සුජාතා සිටු දුවක්
පෙර පතා ගත් බැවින්
අගය රන් තලියකින්
දුන්නු කිරිපිඬු දැනා
එදන් පිළිගෙණ එතැන
ගංතෙරට වැඩමවන
සුප්රබුද්ධය ඉඳන
සත්සතිය බැලූ තැන
පිඬු එකුන් පණසකින
![](/sayura/images/logo2.png)