සබඳ, මේ පුරවරාධිශ්වර මහේශ්වර මිත්ර අලකේශ්වර නම් ප්රභූරාජයාගේ විශේෂ ශ්රවණය කර.
ජයසක් බෝ වාර ගොස තුඟු නාද කර
රුපු සක් නා පෑර ගත් කප් කෙසර යුර
මුළු සක්වල නෑර යස තෙද පිරි ඉතිර
අලගක්කෝනාර හිමි සඳ දින මෙපුර
මන'ර වමින් රඳනා සරසවිය වත
විතර විසින් කරවන මුළු ලෝ මවිත
සතර වතින් නිති නඳ දුන් සතර අත
සතර වතින් තෙවුනෙය මේ හිමි සතත
තුන් කුළු වැනි තුන් රජයේ ඉටන් ගති
මෙන් අසුරිඳු පුර නර ලෝ මුදුන් පති
මන් තුඟු බල මැති කුල කුල ගිරන් ඇති
දැන් මේ හිමි රන් ගිරි සරි සිරින් යුති
වත දෙත සමත මේ හිමි පත් තැන් පටනි
කෙත වත සතන පෑ බල බලවත් බැවිනි
සිත සිත ලෙසට කැඩි සිරි සිරිකත විසිනි
සත වෙත කිනයුගය අමුතුම පැමිණි වැනි
ගුණෙන් අමිත මන් කළ අමතකිරණට
තෙදින් සැහැසි සහසව සහස කිරණට
ඔදින් විකුම් පෑ නවරතන දෙරණට
කගින් පැහැර රුපු නොතිබිය දරණට
හිමි සියපත් සියපත් මෙන් වන තෙදිනි
සිය සියපත් යුත් වූ සිරිනි
රුපු වනපත් ගනපත් පල වැද ගොසිනි
මෙන් මහවත් නොපතන් බියෙනි
ඔහු තෙද යුත පත සිපත ලෙළ දෙත
විහිදි සුළඟ වැද මෙන් රුපු රුක් සෙලෙන
අදවත් ළපලු පත් මෙන් වෙවුලුම් ගනුත
වලිකුන් පතෙ'වි අවි ගිලිහිණි අතින් අත
රිවි තෙද දිමුත හිමි හිමකර විලස වනි
සොමි ගුණ රැසට සොමි සඳ කරවනු කෙවැනි
විළි බිය දෙකින් ගැලවිය හැකි දොයි සිතිනි
එ දෙදෙන තමන් සැටි ඇර වෙස් වළන වැනි
![](/sayura/images/logo2.png)