ලෙස තෙවිකුම් රුපු නොතැකුම් විකුම් කොට
තුඟු තුරුගුම් බල සැලසුම් සෙන් පිහිට
ලොව සිරි'තුම් ඇම පැවතුම් කළ දිගට
නිති මනරම් වදු රයිගම් පුරවරට
එපුර වොරැදි පිළිමිණි උර පිරි දියෙනි
ඉතිර සපිර පිරි ලෙළ ඒ මිණි බිතෙනි
පැතිර ඔබින් ඔබ දිසි සේයා කෙවැනි
ගැඹර තර උනුන් එදෙදෙන බලන වැනී
තුඟුපා ලකළ කළ සල්පිල් වෙළඳ ඳනා
නිතිපා නොකර රඳනා රන්රුවන් තනා
පිළිපා පහන් කිඳු උඳු ඉදිව වොරඳනා
පිනිපා සියල ලු වැනි සිය කිරණ වනා
රුවන් බද පොරොදු බැඳ බඳ සැරසුවෙනි
ලෙවන් තුටට යත එත ගප් වේ මැදිනි
ගුවන් මිණි උවම් මේ හිමි තෙද බෙලෙනි
රුවන් අකර පැතිරි ගිරි සරන වැනි
උසේ සරන නුබසර යුවළ නුබ කුසේ
තොසේ බලා පුරසිරි වන් නුවන් රසේ
මෙසේ විමන් සසගින් කොතැන කර සිසේ
කෙසේ ගෙනා දෝ සැක නොකරනුය කෙසේ
එපුර වරේ වර'ඟන වේ මගස සරා
සරණ වරේ පිළිබිඹු වෙසෙහි තොරතුරා
නොදැනතරේ පිළිමිණි බිතට පන්සරා
අතරතුරේ විද රැවටෙනුය පන්සරා