පාන නැගී ගොස් වැඳ මුනි විමන් තොසේ
පාන වෙමින් වැඳ වඩමින් කුසල් රැසේ
යාන සෙයින් යන පුරඳර පුරය දෙසේ
මාන ඔයින් යාගන් පින්පිඩක් ලෙසේ
මුනි දියනා පෙර දියනා කළ දුළිය
ඉන් දිවනා තොස දිවනා පුද කෙළිය
ගඟ බැසනා මග බැසනා කර ගිළිය
තොද විසිනා බල විසිනා මස් කෙළිය
කිත්සිරිමේ වෙහෙරෙහි සෙත් පොද වතළ
සත් ගනකුළු වන් දුමිඳුන් වැඳ උදුළ
පත් සා කප්පිල් කලබින් ඇමද ලෙළ
අත්පත් කර පන්සිය පල නියම කළ
තගෙ සබඳනු වියොවට පත් කෙත් කතට
ගබ පිහිටන ලෙසට වැස ගිම නිවුම කොට
නඟමින් කෙකා සන් ඔහු කැඳවන ලෙසට
ඇල් ගෙවි දිගා දෙත යන් දිග මග දෙපිට
ලෙස ලද්දන සිය කුල සිය ගුණෙන් සර
රැඳි සද්දන සැදි මග විදි මනහර
ජය වද්දන ගජ හය රිය සෙන් නිතොර
ජය වද්දන පුර සිරිසර බල මොනර
කුල ගිරි තුමුල සග මෙරගල එන කලය
ඇල නොව ඉපිල ජය ලොබ ලන දිරි නිලය
නිල පැහැ නොවු ලකල අසිතල අත් තලය
බල බල දෙවිඳු බල තුල යෝ බල බලය
මදු'තුළ කොපුල දොළ බිගු කෙළ වතළ
කන් තල සසල කළ සන්කළ ඉගිළි ගිළ
යුගකෙළ ඉපිල ලෙළ ගිරිපෙළ කළ
දළ දළ උදුල මොළ ගජරළ බල පුවළ
අණ සක් පතළ හිමිසඳ කළ නියෝවිනි
දන සක් සමඟ ලක සුලකළ ගන ගලිනි
පුරසක් වළට ගල් හිමි පවුරු පැයෙනි
පරසක් වළක වැනි පරසතුරෝ ඉතිනි
වැස පිය රම් රජ සීතාවන් ලෙසිනි
බස නොතරම් නොඇසු තම දිවි හිමිනි
ගුණ මනරම් ලිය රැඳි රන්ලිය සිරිනි
යව සඟරමි සල්පිට වෙල් පිට මගිනි
![](/sayura/images/logo2.png)