විබිසණ සුරවරණ - සිරි සරණ වැඳ දන්වන්
සිරින් මුදුන් නිරිඳුන් සහ බිසෝ සඳුන්
තරින් බෙලෙන් දිසි තුන් බෑ මෙහිමි සඳුන්
තෙසු රජ මැති ඇමති - ඈ සෙනඟ ඇම සමගින්
දස රත රාම නිරිඳුට ජයදුන් ලෙසිනි
දස අත තරම් වැඩි අණසක සලසමිනි
සක සකත මෙදෙව් ඇමට
වැඩි සිරි දී රුතී විලසට
සෙත කර රැකිය කප් හිමට
යුතු මෙපවත කිය දෙවිඳුට
වැඩි සිරි දී රුතී විලසට
සෙත කර රැකිය කප් හිමට
යුතු මෙපවත කිය දෙවිඳුට
සඳ රැස් පෙර ගිරගිනි'යින්ට
කොඳවන වත පුබුදුවන්ට
බමරුන් මුව රඳැ'ර යන්ට
මද රඳ දුනුකමට එන්ට
දිලි විදුලිය නුවණින් බලමින් සොදින
තතු සුව සැප පිළිවෙසිනෙ'වි ගුම් බසින
වෙත සපැමිණි ත-සබඳ ගනකුළක් මෙන
ලගු තුරු රැවු රැඳි ඉඳුමිණි පා මුදුන
බියෙන් බිසරුවන් වේ මග බැස සරත
වසන් සියන රසින'ලු කළ රුවන් කොත
ලමින් එදැක අද සීකර නුඹේ ගත
පහන් වෙතී උන් නොපහන් නොකර පත
![](/sayura/images/logo2.png)