දූත වර්ණනා (3 වන පිටුව)
 

ලෙවන් බැලුම් කිඳු නිල් යොත් ලුවද
නුවන් යුවළ මින් යුවළකි එහි නොබඳ
මෙවන් ගුණෙන් යුත් එබිසෝ ළඳුන් සොඳ
වුවන් සහස යුත නත මිස වනනු කොද


තවද ඒ පුර ප්‍රවරයෙහි විරාජමාන යුවරාජ පද ප්‍රාප්ත
ධර්ණිශ්වරයාගේ ප්‍රතාපය ශ්‍රවණය කර.


දස සතපා අළ සතපා තෙද දිමුත
පෙර කඳපා මෙන් සදපා යොවුන් ගත
නව පිනිපා වන් පිනිපා කරන ගත
දින ඈපා හිමි සිරිපා තඹර පත


ලොවට උතුම් කුල සිරි ගුණ නුවණ රැස
අවට පැතිරි යස තෙද අණසක සකස
රුවට මෙඇම ගෙන මවමින් උවිඳු ලෙස
තිවට මෙහිමි කෙළෙලක රජ සිරි පිණිස


කොකුම් වැකුම් වන් තෙද දිගඹුවන් ගත
විකුම් එකුම් යැයි තෙවිකුම් වනන සත
දැකුම් ඇකුම් කළ රූ රස'ඟනන් නෙත
රැකුම් තැකුම් ලොව ඔහු බැම ලියෙන් පත


උදා වෙමින් නිති වැඩ පබසරින් රඳා
රඳා ලමින් සිය සෙන් තඹුරු කැන් සෙදා
සෙදා ඉවත රුප'ඳුරු තෙද රැසින් සදා
සදා දියත නුබමිණි මෙන් මෙහිමි සදා


ගහන් වියත වියැකෙන සිටි සිටි තැනිනි
වහන් කරත මල් මුවරඳ සල් හිසිනි
පහන් සදෙහි රිවි කැන් උදය'ග උඩිනි
පහන් සදන් වඩු අම්බුලුවා කඩිනි


සලත් සනින් පියකර රන් වළලු දෙන
ලොලත් වඩන වරඟන නිලුපුල් නුවන
බලත් මෙතොප කබපිල් ඇස් අදන මෙන
බලත් ගමුව බල නවයෝනන් කෙළන


සැටියෙන් නඳුනුයන - තුරු යටි සැදි සිටියෙන්
අටියෙන් එහි නොසිට නුඹ - යාගන්න දිප්පිටියෙන්


උදු සුනිලා පැහැ ගන ගන වලා පෙළ
විදුලිය ලා සහ බට තැන් තුලා කළ
තුනු උදුලා යන එන මන කලා ලෙළ
මග විපුලා වෙල බල අල පලා වළ

(c) Shilpa Sayura Foundation 2006-2017