එපුරෙහි සරණ අබිසරුලිය සොර බැවිනි
සොබමන් විමන් දොර මිණි පහණ වසමිනි
මල් දම් සුඹුළු කර ගත සල ගත් අතිනි
ගලමිණි පැමිණි පණිඳකු ගත් එකග වැනි
රිවි රිය හයන් ගෙන්වති යන සැක සිතිනි
සඳ සිය රැසින් සියනෙ'කිනෙ කරඳවමිනි
පඩුරට යුවරඳුට දුන් කැලුමන් ලෙසිනි
රන් කොත් දිලිණි රෑ දාවල් සෙ කෙරෙමිනි
සතර දිගත සැදි වාරණ සක සකස
පතර තර මහල් කුළු ගේ සඳලු උස
මෙතර ම කළ පායෙක් සුර ලොවේ මිස
අතර තුර ලොවේ කොතැනක වෙද වෙහෙස
ලියා ලකළ ටැම් පබලය පෙර මහල
සොයා පතු ඌ පල බිතු පිරියමිනු'දුල
අයා නයන දැක දැක රිසි නොයන කල
කියා පහය සිරි අගවනු කෙලෙස බල
සබඳ ඒ පුරේශ්වර නරේශ්වරයාගේ කීර්ති ප්රතාප විශේෂ ශ්රවණය කර
සිරි සිතබා තර පොලඹා රැඳි නිතර
රුපු ගජබා මුල් නොතබා ගත් කෙසර
ලක ඔලඹා සිරි සුලබා කළ මෙපුර
දින මහබා බුවනෙකබා රජ පවර
සවන් මිණි දහම සදනා සවන් මිණි
ලෙවන් රිසිය වන් දෙවනා දෙවන් මිණි
ගුවන් මිණි කුල'ග ගුවනා ගුවන් මිණි
මෙවන් රජ මිණිව දුලනා මුදුන් මිණි
සොබමන් යොවුන් මන් යොන් සැටි අඳුන් වන
දෙනමන් රුවන් වන් දන මන නඳුන් වන
ඉසුරින් අමින් අන් දස සත නුවන් වන
නිරිඳුන් මෙවන් දන් ලෝ සත මුදුන් වන
නුබමිණි කුල කිරිළු අග රඟමිණෙ'වි යෙදූ
නවමිණි දෙරණිසුරු රජ කුමරුවන් ලදු
ගුණමිණි අනගි අබරණ පැළඳි පිරිසිදු
ලියමිණි බිසෝ හිමි රජ කුල සිරින් සැදූ
වැඩසිරි තැන් ඇති වන මෙන් මන් ලෙසට
රිසිසිරි දන් දෙනුයෙන් කප් ලියෙ වි තුට
ජයසිරි නිති වඩනේ මේ පුරවරට
ජයසිරි නමි මෙ බිසෝ මයි මෙසමයට