දූත වර්ණනා (1 වන පිටුව)
 

                             ආසි


සැරද මියුරිඳු සඳ - මියුරස නදින් නඳනා
සඳැස් පිල්කැල කැල්මෙන් - පිනවන සඳැ'ස් දුටුවන්


                             දූත වර්ණනා


සඳ'යුරු මිතුරු සඳ-සිය සඳ කුමුදු නඳ දෙන
මුළු ලෝ සනහමින් එන ගනරදහු වෙත
තුටු රැවු මඟුල් ගී නඟමින් රැඟුම් ගත
ගිරි ගිරි දසුන් වත් - සිරිමත් කෙළිමතින් වව
සොඳ ගුණ කඳ කඳදෙව් කඳිනි උසුලනා
නුඹ මෙදියත දිව විකුමැති කුලෙකි මනා


සොබමන් මෙවන් සිරිතැතියන්ගේ දැකුම
දෙවියන් යැදත් හැකි වෙද නොදැනේ නියම
අමුතුව අප පණෙ'වි ලත් සැප කියනු කිම
අප සිරි අනා අත්පත් වු වැනි දැන්ම


යසඟ පොරඝ ගුණ මිතුරන්ට කළ තමා
එසඟ වුවත් උන් අත්පත් වේය ඇමා
නිසඟ පුරුදු තමහට ඉන් කියනු කිමා
අසග මඳක් මතෙපල තා සවන් නමා


සවි දිගු බිත කිරණෙ'වි යස උදුල් වන
සැවි බල පෑ එදිනෙහි බුදු මඟුල් වන
දෙවි නුවරෙහි දෙවි රජහට උපුල් වන
දෙවි මෙහසුන් මතු සව් සිරි විපුල් වන


මියුරු සඳ මියුරු රස බස් නුමුතු අස්න මතු පවසමි
දැන් මෙතොප නිකුත්වන පුරවර වෙසෙස අස


තුඟු සුලකුළු පහ පැහැසර තර පවර
සැදි දොර බිහි දොර දද අඹළ'ඹර
සෙන් සිවුරඟ වේ මග මඟුලින් නිතොර
දනු සිරි පිරි ගඟසිරි පුරවර මොනර


දැවගත් හයන් කුර රොන් නැගෙන නුබ වසා
සියපත් පොබයවන රිවි කැලුම එන නිසා
මහවත් අරන මෙන් සෙද අත පයින් ගසා
පැහැපත් පහඟ දද එහි වැනෙත වන උසා


සඳ මිණි නිල් සඳැලිය ලිය වත කමල
දැක නොමලන පුල් පියුමැයි කර කුහුල
දිසි පිළිබිඹු තුරු සෙන් සමගින් සකල
උදුරන ලොබින් බට වැනි බට පියුම් අල

(c) Shilpa Sayura Foundation 2006-2017