තුන්වන පිටුව
 


 

සත් මසක පිරුණු තැන
වඩා රස බොජුන නිත
සිදුහස්‌ත නම් තබන
එකල රජු සිතා යෙන
වප් මඟුල් කරති දැන
කුමරු වඩවා යහන

දඹරුකෙහි මුල සෙවන
ආසනේ පනවමින
කිරිමවුන් වටකරන
කුමරු ඉඳුවා යහන
සී සාන ලෙස ගොසින
එ රුක කිරිමව් බලන
කුමරු ඒ විගසකින
පෙළහරක්‌ පාමි දැන
සැණෙයෙකින් එර්දි විණ

කිරිමවුන් ඒ නොදැන
ඒ සුද්දෝ රජු එදින
අඩා සිත තද දුකින
දඹරුකෙහි උඩ බලන
කුමරුවන් දකිමින
අහස්‌ ගුවනේ ගොසින
පලක්‌ බැඳ වැඩ සිටින
දෙවනුවන් වැඳ වැටෙන
බිදුවෙන්ට ගිය ගමන
නොවඩින්ට දෝ මෙ තැන
කරපු පින් මහ බෙලෙන
ඉරණමෙන් පැවත එන
දෙවගණන් පරද වන
රුව ගුණෙන් උතුම් වන
සරණ ගන්නට ඔබින
දෝලි අස්‌නේ ගොසින
යසෝදර බිසව ගෙන
සොබන ඔටුණත් දරන
එකුන් තිස්‌ වයස යන
එසක්‌විති රජ කරන
පිය රජුගෙ උප දෙසින
සුරගණන් සරසමින
රඟ මඩුළු බැඳ නටන
නොබලමින් උන් දෙසින
කැසි බිසි ද නන් දොඩන
අසා සිත් කලකිරුණ

ඇළුම් පස්‌විසි මෙනා
පස්‌ දෙනා කෙලෙසුනා
සිඳ හරිමි අද දිනා
බිසව ගෙට වඩි මිනා

රාහුළ ද දකිමිනා
තුන් ලොවට දරුවනා
කා දැක ද සැනසෙනා
සිතාගෙණ ජයගෙනා

(c) Shilpa Sayura Foundation 2006-2017