බලා එමි සිතමින්
නිරිඳුගේ අදහසින්
ඇමතිවරු ගෙන්වමින්
මඟ දෙපස සරසමින්
සුරිඳු වීදියක් මෙන්
බිසව් වඩිනා ගමන්
මහමූද රළ ලෙසින්
නොයෙක් නද පෙරහරින්
සල් උයන මැද ගොසින්
වට ම සල් ගෙන නැමුණ
එමල් සිඹ සන් තොසින
විළි පැහැර ගෙන එතැන
නො යෙක් දෙවි රැකවලින
දෙතන මැද දොර ඇරුණ
කුමරු බිහිවෙන ලකුණ
සිරිපා දැක තොසිනා
එරන් දැල් පාමිනා
බඹු අතට බිහිවුණා
අතින'තට හැමදෙනා
සුරිඳු සක් සුරතිනා
දෙරණතට පනිමිනා
නැගී පියුම් දෙරණතින්
සත් පියුම් පිට ගොසින්
සතර දිග බලමිනා
ම සරි අය නැත වෙනා
මම ද බුදු වෙමි දැනා
පියුම් පිට සිට ගෙනා
උතුරු දෙස බලමිනා
සිහ නාද කරමිනා
එ සුද්දෝ රජු දැනා
මැදුරකට වැද යනා
කුමරුවන් දකිමිනා
වඩා සිඹ සැනසෙනා
කපිලපුර වැඩිතැනා
මාළිඟා වඩිමිනාකාලදේවල ඇවිත්
ආසනේ වැඩ ඉදින්
කුමරු දකිමැ යි කියත්
වඩා ගෙන රජු ඇවිත්
සැනෙයකින් කරකැවෙන්
ජටාවේ පිහිටි ගත්
සිරිපතුල් දෙක බලත්
දෙසිය දොළොසක් මහත්
මඟුල් ලකුණෙන් සැදෙත්
පනස් එක වයස ලත්
බුදුව ලොව එළි කෙරෙත්
![](/sayura/images/logo2.png)