15 පිටුව
 


 

සදෙව් ලොවට නාග ලොව ට
දස දහසක්‌ සක්‌වළ වට
කෙළ සක්‌වළ දෙවියෝ සිට
සාදුකර දීපු එවිට

පසු නොබලා එම විලසට
දෙසු බණත් එසතුටු කොට
අසා සියලු දේ තුටුකොට
සිත සතුටුව දෙවියෝ සිට

රන් ආසනයක්‌ සරසා
මවමින් දෙවියෝ විගසා
මම බුදු බව පැතු නිසා
දකින්, නිවන් මෙ බණ අසා

සතර දේවාලේ
දෙවියන් හැම දෙවේලේ
නුවණ දුන් බාලේ
රකින් සව්සිරි නොබෝ කාලේ

වැසි වැසපුවා සේ
වැසි ගිනි නිමුවා සේ
ලෙඩ දුරු වුණා සේ
රකින් බෝවා කලක්‌ සැපසේ

වරද කළ අප සැම
දුරැර නිති සිත වී පෙම
සියලු සිරි දී අම
රකින් සව් සුරවරන් අප සැම

සතුරන් සොරුන්ගෙන්
රකුසන් හා යකුන්ගෙන්
රුදුරු වලසුන්ගෙන්
ලැබෙන උවදුරු හැර රකින් මන්

සිත කයට වන්නා
අනෙක දුක්‌ දුරලන්නා
පතිනි! සිරි වන්නා
රකිති අපහට සෙත දෙමින්නා

පළමු කොට දෙවියන්
දෙවනුව වේ මව්පියන්
තුන්වෙනුවම ගුරුන්
නිවන් දෙව් පුරයට පැමිණියන්

ඉසුරෙන් උමාවන්
රුසිරෙන් පිරි කමාවන්
පතිනි! සිරි මා වන්
මෙ අප වරදක්‌ දුට කමාවන්

(c) Shilpa Sayura Foundation 2006-2017