13 පිටුව
 


 

ඒ දැක සාතා රජ කිවි මෙලෙසා
බෝදුක්‌ නොකරන් පත්තිනි නොලසා
දෝතම තබමින් වැඳ කිවි මෙලෙසා
බෝදුක්‌ නොකරත් නරයින් වනසා

මෙලෙසින් සාතා රජ සිට විඳිමින
නවතන්නට කිවි ඒ ගනි විගසින
මරවන්නේ පඬි නිවැරදි මිනිසුන
නුඹ උන්නේ ඇයි? ඒ දැක නොලසින

පවසා මෙලෙසින් සාතා රජු ටා
නවතන්නට කිවි පත්තිනි එවි ටා
දෙවතොත් බෙරලා අය බදු මෙම ටා
"නවතිමි" කිවි ගිනි ඇවිළෙන කලටා

තොරතුරු අසමින් කිවි මේ පින්වත්
බෙර වායෙක්‌වත් නැත බෙරයක්‌වත්
මර එසිමා මුනි කී එපවත්
කර අමුතුව බෙරයක්‌ ගෙන්නාගත්

බෙර ලවමැයි කිව්වේ සාතා රඳ
මර තොත් රජුගේ ඇළි දෙන වේ සොඳ
කරතොත් ඒ හැර වෙන නැත කී සඳ
අරහත් ඒ දෙනගේ සම මස්‌ සොඳ

එබැවින් ඇළිදෙන මරමින් සම ගෙන
සදමින් බෙරගෙන ගසමින් බෙර අන
ඇවිදින් වැඳලා පත්තිනි! කියමින
තමදෙන් මැරුවා අසමින් වෙන වෙන

වර සමි මුදවා තම සිත ලෙසටා
මැරූ දෙනගෙ සම දැමුවේ ඇඟටා
පරසිඳු පත්තිනි! තෙද බල එවිටා
සුරිඳඳු දකිමින් විය සිත සතුටා

එළදෙන, එක විගසින් නැගී සිටියා
තම දෙන දැක සිත් දුක්‌ වැඳ සිටියා
ඉසිරෙණ තන ඇද තොලු දී සිටියා
කිරි දෙන ලෙස ලංකර වසු පැටියා

පිළිවෙළ පෙර සුදියන් කී විලසට
කිරි දොවලා ගෙන්නා ගෙන සැළියට
සරිවන තොරණක්‌ බන්දා නිසි කොට
කිරි උතුරති දොර ඉරි දෙවියන් හට

සොඳ ලෙස යහනක්‌ කරවා එම වර
සොඳ සුවඳැල් මල් පුරවා හැම වර
පුදවා කර රුති බුලතෙන් හැම වර
බැඳලා ලිප කිරි උතුරති දොර දොර

(c) Shilpa Sayura Foundation 2006-2017