ප්‍රේක්ෂක සම්බන්ධය
 

ප්‍රේක්ෂකයා නම් වේදිකාව ඉදිරියේ සිට නාට්‍යය නරඹන පුද්ගලයාය. නාට්‍ය රසිකයාත්, නාට්‍ය විචාරකයාත් ඔහුය. වේදිකාව මත මැවෙන අත්දැකීම් විදගැනීමට පූර්ණ වශයෙන් සහභාගි වන්නේ ඔහුය. එහෙයින් නාට්‍යයේ අනෙකුත් සියළුම ශිල්පීන් මෙන්ම ප්‍රේක්ෂකයාද නාට්‍යයේ කොටස් කරුවෙක් වේ.

 



නාට්‍යයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ප්‍රේක්ෂකයා ඉලක්ක කර ගනිමිනි. එහෙයින් නාට්‍ය නිර්මාණයක පැවැත්ම සාර්ථක අසාර්ථක බව රඳාපවතින්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මතය. රංග භූමියේ හාස්‍යජනක අවස්ථාවක් නිරූපණය කරන විට ප්‍රේක්ෂකයා සිනාසෙන්නේ නම් අත්පොලසන් දියයුතු යැයි හැඟෙන අවස්ථාවක අත්පොලසන් දෙන්නේ නම්, නිශ්ශබ්දව සාවදානව සිටින්නේ නම් අතීරණාත්මක අවස්ථාවකද කුමකින් කුමක් වේ දෝයි සිතිය නොහැකි අවස්ථාවකදී ප්‍රේක්ෂකයා එම තත්ත්වයට පත්වන්නේ නම්, කම්පා විය යුතු කාලයේදී කම්පා වන්නේ නම් ඒ අනුව ඒ ඒ අයුරින් ක්‍රියාත්මක වන්නේ නම් නාට්‍යය ප්‍රේක්ෂක ප්‍රතිචාර නොමදව ලැබීමක් කොට සැලකිය හැකිය. එය සාර්ථක නිර්මාණයක් වන්නේ ද එවිටය.


නොඑසේව එය අසාර්ථක නිර්මාණයක් වේ. එහෙයින් නාට්‍ය නිර්මාණයක පැවැත්ම ඉදිරිගමන රඳා පවත්නේ ප්‍රේක්ෂක සහ සම්බන්ධය මතය.

(c) Shilpa Sayura Foundation 2006-2017