ප්‍රථම , මධ්‍යම හා උත්තම පුරුෂ නාම පද කිහිපයක් සමුච්චයාර්ථයෙහි
නිපාත වන ද, ත් වලින් බැඳී උක්‌තය වූ කල ආඛ්‍යාතය සමුච්චිත උක්‌තය වේ.
ප්‍රථම+මධ්‍යම+උත්තම = උක්‌තය උත්තම වේ
ප්‍රථම+උත්තම =උක්‌තය උත්තම වේ
මධ්‍යම+උත්තම = උක්‌තය උත්තම වේ
ප්‍රථම+මධ්‍යම = උක්‌තය මධ්‍යම වේ
අම්මාත් නූඹත් මමත් වන්දනාවේ යමු.
අම්මාත් මමත් වන්දනාවේ යමු.
නූඹත් මමත් වන්දනාවේ යමු.
අම්මාත් නූඹත් වන්දනාවේ ගියෙහු. (බහූ වචන මධ්‍යම පුරුෂ)
අම්මා ද නූඹ ද මම ද වන්දනාවේ ගියෙමු.
අම්මා ද මම ද වන්දනාවේ ගියෙමු.
නූඹ ද මම ද වන්දනාවේ ගියෙමු.
අම්මා ද නූඹ ද වන්දනාවේ ගියෙහු.