11 පිටුව
 


 

ගනිමින් රත්රන් ලොව වැසියන්නේ
එකෙමින් දවසැර බොරුම කියන්නේ
මායම් දන්නා, රන් කරුවන්නේ
කුමටද? නිවරදියන් මරවන්නේ

රජ දැහැමේ කිසිවක්‌ මෙ දන්නේ
යම් දෙයකුත් දුර දිග නොබලන්නේ
අවැඩ මිසක්‌ වැඩකුත් නොකරන්නේ
අද තව නිරිඳුන් කුමක්‌ කරන්නේ

නිරිඳුන් පෙරකළ පින් මිස නුවණැති
සොබමින් රජ දැන් දහමෙන් නො පවති
රජ දැන් තෝ මඳකුත් ගුණයක්‌ නැති
එළුවන් ගේ තන කිරි බීමක්‌ නැති

නුවණක්‌ නැති මැතියන් පිරිවර කොට
උන්නා මිස මේ සිංහාසන පිට
සිත දළ ලොබ ඇති සිවලෙකු වට කොට
උන්නා වෙති සිවලෙකු නියරක්‌ පිට

දැන් සැපතට ලොබ වූ සිතුවිල්ලෙකි
පින් පව් දෙක නොදනිති ඌ කොල්ලෙකි
රජයයි යන මිස ඌ පඬි බල්ලෙකි
දඹදිව හැම නිරිඳුන්ගේ කොල්ලෙකි

මෙලෙසින් බනිමින් බස්‌ නින්දා කොට
අසමින් ඉවසා ගොස්‌ වැඳ රජ ගෙට
කියමින් ලැව්වේ දොරගු;ළු එම විට
කිපෙමින් ලැව්වේ ගිනි කඳ රජ ගෙට

සළඹ සොරුගේ අඹු මොකද? කියන්නේ
තනේ කඩා තට කවමි කියන්නේ
ඉඳුල් තනේ මගෙ කුමට තියෙන්නේ
කඩා අතට රන් තැටියේ ගසන්නේ

ගැසූ විට එනුවර ගිනිගෙන දන්නේ
බොරුයයි කී කෙනෙකුගෙ කට දන්නේ
පත්තිනි දෙවියන් බලේ මෙතැන්නේ
මාළීඟ දා ගොස්‌ අළු ගොඩ වන්නේ

මඳකුත් අඩු නොවි ලකුණු
විහිදුන් අත් නොම වැළ කුණු
පයෝදරත් අතින් ලකුණු
කඩමින් හඬ ලෙසින් අකුණු

මදුරා පුර, මෙ හැම තැනය
දෙදරා පුර මෙ හැම තැනය
මෙන් දිලිහුණු රන් කොත්ම ය
මාළිඟා දෙස ගැසූ තැනය

(c) Shilpa Sayura Foundation 2006-2017