නාට්‍ය සඳහා යොදාගන්නා ආලෝකය රංග ආලෝකනය වශයෙන් හැඳින්වේ. රංගභූමිය මත දිගහැරෙන නාට්‍යය ප්‍රේක්ෂකයන් වෙත නිවැරදිව හා පැහැදිලිව ප්‍රක්ෂේපණය කිරීමේ සුවිශේෂි කාර්යය රංග ආලෝකනය මගින් ඉටුවේ.
නාට්‍යයේ සමස්ත ක්‍රියාවලියම හසුරුවනු ලබන ප්‍රබල සාධකයක් වූ මෙය නිර්මාණාත්මකවත් අවස්ථාවෝචිතවත් අවබෝධයෙන් කළයුතු කාර්යයකි. නාට්‍යයක අවස්ථා තීව්‍ර කිරීම, එහිදී මතු කෙරෙන මනෝභාවයන් උද්දීපන කිරීම, ප්‍රේක්ෂක අවධානය නිරන්තරව රඳවාගැනීම, නළු නිළියන්ගේ අභිනයන්හි ගැඹුර ප්‍රකාශ කිරීම මෙමගින් සිදුවේ.

ආලෝකකරණ ශිල්පියාට විවිධ වූ විදුලි උපකරණ භාවිතය හා පරිසරය පිළිබඳ සියුම් අවබෝධයක් තිබිය යුතුය. ඊට අමතරව නාට්‍යයේ අධ්‍යක්ෂ, රංග මෝස්තර ශිල්පීන් හා නළුනිළියන් සමඟ ඉතා හොඳ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යායුතුය. ඊට අමතරව නාට්‍ය පෙළෙන් කියැවෙන කාලය ස්ථානය හා පසුබිම චරිතවල අභ්‍යන්තර මනෝභාවයන් හා බාහිර ක්‍රියාකාරකම්, ඒ ඒ රූපණ ශිල්පීන්ගේ රංග රිද්මයන් රූපන රටාවන් හා නාට්‍යයේ පොදු ලය, ආලෝකය නිසා අඳුරත් අඳුර නිසා ආලෝකයත් අර්ථවත් කළහැකි අන්දම, ආලෝක, වර්ණ හා ද්‍රව්‍ය අතර සම්බන්ධය, නාට්‍යයේ අනෙකුත් ශිල්පීන් අතර භාවිතා කරනු ලබන වර්ණ, ප්‍රේක්ෂාගාරයේ රංග භූමියේ පිහිටීම, නාට්‍යයෙන් ඉස්මතු වන කථා පුවත හා නාට්‍ය දෘෂ්ටිය ගැන සැලකිලිමත් විය යුතුය.
රංගාවලෝකනය සඳහා යොදාගනු ලබන මූලික උපකරණ කීපයක් වේ.
තිත් පහන් (යොමු පහන්),
පසුගාමි පහන්,
වර්ණ චක්‍රය,
ධාරා පහන්,
ඩීමරය මේ අතර වේ.