රංග වස්ත්‍රාභරණ
 

නළුවා රංගභූමියේ කටයුත්තකට සුදුසු අන්දමට සකසනු ලබන්නේ රංග වස්ත්‍රාභරණ හෙවත් වේෂ භූෂණ තුළිනි. රංග වස්ත්‍රාභරණ ආහාර්ය අභිනයට අයත්වේ. නළුවාගේ පෞද්ගලික ස්වරූපය වෙනස් කොට නාට්‍යයේ චරිතයට අදාළ අයුරින් වෙනස්කම් කරණු ලබන්නේ මෙමගිනි. භූමිකාවට අදාළ බාහිර සමාරෝපය ඇති කිරීමේදී මෙය අතිශයින් වැදගත් වේ.



මෙහිදී සැලකිල්ලට ගතයුතු කරුණු කීපයක් වේ. නාටකයේ ශෛලිය, කතාවස්තුව සංස්කෘතික පසුබිම, චරිත, නළු නිළියන්ගේ ශාරීරික ලක්ෂණ සරලව හා පහසුවෙන් භාවිතයට ගතහැකිවීම ආදිය වේ. නාට්‍ය ධර්මී නාට්‍යවලදී ද එය පමණ ඉක්මවා යායුතු නැතඓතිහාසික හා යුග නාට්‍යවලදී රංගවස්ත්‍ර ඒ යුගයට ගැලපිය යුතුය. පරිවර්තන නාට්‍යයක් නම් එම නාට්‍යයේ අනන්‍යතාවයට හානියක් නොවන පරිදි එම රටේ මිනිසුන් අඳින පළදින ආකාරයට සැකසිය යුතුය.


 

(c) Shilpa Sayura Foundation 2006-2017