10 පිටුව
 


 

ඉරිදා ලක්‌සණට ඉතින්
සොඳවා මගෙ ඇඟ දැවටින්
බැරි දා ආවෙමි නොරටින්
ඉරිදා හිමි සඳ! නැගිටින්

උන් දීගේ එදා මැතින්
මම තනිකර ආමි රටින්
මගෙ පින් මදිදාට ඉතින්
ලෙංගතු මගෙ හිමි නැගිටින්

මා සිටුවා නවාතැනේ
නුඹ ආදැයි කතර අනේ
සිටියෙමි නුඹ එතෙයි අනේ
සීනය දැක ආමි අනේ

කියමින් තරහලු එම විට
ඉස්‌සර කරමින් ගැහැසිට
ගොසින් එතැන උගෙ ගෙදර
සැරසිය පුටුවක්‌ ඉන්නට

සළඹ අතට ගණිමින් සිට
කිරවා උගෙ සිත් පිරියට
මිල බලවන්නට එම විට
යන්ට කිව්ව හෙට්‌ටි ළඟට

පින් කල මගෙ හිමි සඳ! හට
මම තෙද බල පෙන්වමි සිට
ඉන් පුරබල පාමි සොඳ ට
මම්වද? පත්තිනි! මෙලොව ට

සැම විට ඒ ලද රොස්‌සු
රුපු නිරිඳුන් පසු බෑස්‌සු
ඳවන ලෙසින් නොව ලස්‌සු
බිය වැද වෙව්ලති අස්‌සු

මෙලොව සසල වූ කලයේ
පත්තිනි තම පෑ බලයේ
රුවන් ගිගිරි කොල හලයේ
ගැසූ සලඹ මිහි තලයේ

පිට එන ලේ සෙල්ලුනි
සලඹ බිඳි වැගිරෙයි ගිනි
ඉන්ම නික්‌ම රජුට වැදුනි
හකු පිට වැදි ලේ සෙල්ලුනි

පිට පිට එන ලේ සෙල්ලුනි
රැදි මුව තුඩ ගලා එමිනි
පත්තිනි සඳ! දෙස බලමිනි
කර බා සිට සුසුම් ලමිනි

(c) Shilpa Sayura Foundation 2006-2017