රඟපෑම නාට්‍යයක එන චරිත අවස්ථා නළු නිළියන් මඟින් ප්‍රේක්ෂකයා ඉදිරියේ රූපාකාරයෙන් ඉදිරිපත් කිරීම රඟපෑම නම් වේ.
එය අනුකරණය හෙවත් ප්‍රතිනිර්මාණය කිරීම වශයෙන්ද හඳුන්වනු ලබයි. එසේ කිරීමේදී නළු නිළියන් වෙනස් පුද්ගලයන් ලෙස වෙස්වලාගැනීමට සිදුවේ. එසේ නළු නිළියන් වෙනස් පුද්ගලයන් ලෙස වෙස්වෙලාගැනීම හඳුන්වනු ලබන්නේ "සමාරෝපය" යනුවෙනි. සමාරෝපය දෙයාකාර වේ. ඒ බාහිර සමාරෝපය හා අභ්‍යන්තර සමාරෝපය වශයෙනි.
තමා නිරූපණය කරන චරිතයේ ලක්ෂණ හුවා දක්වන රංග වස්ත්‍ර, අංග රචනය භාවිතය බාහිර සමාරෝපය වේ. චරිතයක ඇති අභ්‍යන්තර මනෝභාවයන් තේරුම්ගෙන එයට ප්‍රවිශ්ඨ වීම අභ්‍යන්තර සමාරෝපයයි මෙසේ සමාරෝප වූ නළුවා සිව්වැදෑරුම් අභිනයන් උපයෝගි කරගනිමින් චරිත අනුරූප කර දක්වයි. රඟපෑමේදී නළුවෙකු ප්‍රායෝගිකව ඇතිකර ගතයුතු ගුණාංග කීපයක් වේ. හෙතෙම කායික හා මානසික වශයෙන් සැහැල්ලු විය යුතුය. සංවේදි විය යුතුය. සබකෝලයෙන් තොර විය යුතුය.
ග්‍රහණය කර ගැනීමේ හැකියාව, ධාරණ ශක්තියෙන්ද යුක්ත විය යුතුය. රඟපෑම යනු ඉහත කී ගුණාංග ප්‍රගුණ කර ගැනීමෙන් ප්‍රේක්ෂකයන් රසාස්වාදයට අමන්දානන්දයට පත්කිරීමයි. රඟපෑමේදී අනුගමනය කළයුතු මූලික කරුණු කීපයක්ද වේ. නාට්‍යයේ කතා වස්තුව යථාර්ථයෙන් තේරුම්ගැනීම, තම භූමිකාව පිළිබඳව මනාව දැනුවත්වීම, නාට්‍යයේ ශෛලිය තේරුම්ගැනීම, චරිතවල ස්වභාවය, නාට්‍යයෙන් කියනු ලබන්නේ කමක්දැයි දැනගැනීම, රඟපෑමේ ප්‍රයෝග පිළිබඳ දැනුම, රංගභූමි ශිල්ප පිළිබඳ අවබෝධය මේ අතර වෙසෙසින් සඳහන් කළයුතු කරුණු වේ.