සේසත් කරමින් උන් සඳ
පෝසත් කරමින් එන සඳ
සේසත් ගත්තේය නිබඳ
එසඳ දිලෙන සඳ මඩලා
සැඟවුණි දිවයුරු මඬලා
එනිරිඳු සිත් ඔද වැඩලා
ගත ඇකිළිය සෙනෙහඬලා
සිතතුල පිරිසිදු රැසියෝ
බැහැර නොගොස් ගෙයි වැසියෝ
ඒ පුර පඬිරට වැසියෝ
මේ කිම දැයි පිළිවිසියෝ
තම්මැට චාමර ගත්තෝ
රන් රිදී ඈ කඩු ගත්තෝ
මින් කෙටේරි දුනු ගත්තෝ
මුන් හැමටම බිය ගත්තෝ
එදත් රජුන් මඩිමින් බෝ
පඬි නිරිඳුන් විකුමෙන් බෝ
ඇත්තුද බිය වදිමින් බෝ
වෙව්ලා සිට අත් පින් බෝ
රා කන්සා බී මත්තු
නුහ;ණැති අය යහ පත්තු
මේ විකුමෙන් බිය ගත්තු
බමුණෝ සිට ජය ගත්තු
සලඹ අතට ගෙන කිරවා
තරහලු මේ මිල කීවා
බොරුවෙන් බස් තෙපලූවා
නිවැරදි මගෙ හිමි මැරුවා
දුක් විදලා ආමි රටින්
උණුවෙයි සියොලඟ මෙලෙසින්
බබලයි අනුරාග පිටින්
මහිමි. සඳිනි, නැගිට සිටින්
ඇග ඇළි මැළි කඩමින් සිට
ඇස් ඇර බලමින් වට පිට
තොස් කරවන් මහිමි සඳු ට
නැගිට සිටින් දැයි එම විට
මා එනදා දුන්නු අත ට
සලඹ අරන් ආමි නොරට
වැදුනෙන් මඳුරා පුරයට
දුටුවේ තරහලු විගසට