8 පිටුව
 


 

මගෙ ගන රන් එසාමි නේ
මට වැවුම් බැරිය අනේ
නුඹ ඇවිදින් වැටිග නේ
මට මේ වද බැරිය අනේ

බස්‌ රසවත් එසාමි නේ
නුඹ පාරේ ආමි අනේ
මම්වද දැන් නිවට අනේ
කවදා පණ ගනිමි අනේ

කොමල පතුල් පෙති සේ දුටින්
විමල කරඬු බලා වටින්
කොමල පතුල් දෙක දෙපිටින්
විමල මහිමි සඳට නැගිටින්

මමි කඳළැලි වාසි ම්මා
දැන් තනි මඟ ආවෙ ම්මා
ඉන් මේ දුක නොදනි ම්මා
මම් වද? මෙනුඹට අ ම්මා

යහපත් ලක්‌ෂණට ඉතින්
මදුරාවේ කොසඹ යටින්
රූපත් රන් කඳට ඉතින්
මේ දුක්‌ වැදුනාඳ? ඉතින්

බාල වයස දුක්‌ විඳලා
ආල වඩන මඟ බැසලා
ආවා නුඹ කැටුව බලා
කාලි අඬයි, පය වැඳලා

යකිනිට නරලොව දීලා
අප කන්නට ආමි බලා
ඇවිදින් කඩවත රැකලා
ගල පිට උන්නෙමුව බලා

ඇවිදින් ගහ මුල සිටලා
තොටියා එතනදි බැනලා
ගඟ දියවර වෙන් කරලා
වැල්ලෙන් මෙගොඩට පැනලා

කුමරුන් දෙන්නෙක්‌ දැකලා
ගල මැඩ දියවර දීලා
උන්නෙන් සළකුණු අසලා
කොසඹ මුලට ආමි බලා

තෙද අනසක ලොව පවතින
සැඟවුණි දිවගොස්‌ අඳුරෙන
පතිනි සළඹ ගත්තා දැන
වෙව්ලා පඬි රජ බිය ගෙන

(c) Shilpa Sayura Foundation 2006-2017