නාට්‍යමය අවස්ථා ගොඩනැගීමේදී එක් නාට්‍යමය අවස්ථාවක අවසානය ඊළඟ නාට්‍යමය අවස්ථාව අතර හේතුඵල සම්බන්ධතාවයක් ඇතිවන පරිදි සියළු නාට්‍යමය අවස්ථා සම්බන්ධවී අවසානයේ කතා පුවතින් ඉස්මතු කෙරෙන තේමාව කුළුගැන්වීමට සමත්වන පරිදි රචනා කිරීම වැදගත් වේ.
රත්තරන් නාට්‍යයේදී මැහැල්ල ගුහාවේ සිටින විටය සොරුන් පැමිණෙනුයේ..සොරුන් පැමිණ වහසිබස් දොඩන විටය එකෙකුට බඩගිනිවනුයේ...කෑම සඳහා ඊට පෙරදින ඉතුරු කරන ලද ඌරු මස් සොයන විටය මැහැල්ල දැක යක්ෂණියක්යැයි බියවනුයේ... තමා යක්ෂණියක් නොවේයැයි කීවද එය නොපිලිගත් හෙයිනි දිවට දිව ගා බලනුයේ...එහිදී ඔවුන්ගෙන් ගැලවීමට වෙනත් මඟක් නොමැති හෙයිනි දිව සපාකනුයේ....සොරුන්ගෙන් ගැලවීමෙන් පසු රත්තරන් වලටද හිමිකම් කීමටද සලස්වනුයේ.....අනතුරුවය ඇය රත්තරනුත් රැගෙන ගෙදර එනුයේ... ලේලියගේ ලෝබකමෙනුත් මෝඩකමෙනුත් ප්‍රයෝජන ලබාගන්නා ඇය ලේලියගෙන් පලිගැනීම පිණිස ඇය එලොව හරිනුයේ...
මේ අයුරිනි හේතුඵල සම්බන්ධතාවයන් ඇතිවන පරිදි කතාව ගොඩනඟා නැන්දා ලේලි හබය තුළින් තෘෂ්ණාව හා වෛරය මිනිසා විනාශය කරා ඇද දමන ආකාරය කියැවෙන පුවත ඉස්මතු කරනුයේ.....