සියොගත උණුවේ ය නිතින්
බැරි ඉවසා ගන්ට ඉතින්
ගරුතර මගෙ හිමි නැගිටින්
කෙල්ල අඬන අඬ නෑසේ ද
ලෙල්ල වඩන මෙනුඹට ව ද
තෙල්ල ඇඳපු රුව මැකුණ ද
වැල්ල දරා නිදි ආවා ද
ගත ගන රන් එසාමි නේ
දුකී මට මගෙ හිමි සඳි නේ
නොකියා ආ ගමන් අ නේ
තව සැප නිදිදෝ? එත නේ
ආමි මෙතන තරහ පිටි න්
කිමි නුඹට බස් මෙලෙසි න්
මගෙ ගරුකම් බලා සිටි න්
සාමිනි! හිමිසඳ! නැඟිටි න්
දෙන්න අඬති කොසඹ යටි න්
විඳිනා සෝ දුක් මෙලෙසි න්
බැරි ඉවසා ගන්ඩ ඉති න්
සොඳින් මහිමි සඳ! නැගිටි න්
ලොබලා අනුරාග මති න්
සුරගුරු අනුරාග මති න්
මගෙ ගුරුකම් බලා සිටි න්
සාමිනි! හිමිසඳ! නැගිටි න්
කල් ඇරගෙන උනිමි ඉති න්
පින් මදි දා ආමි රටි න්
දුක් මේ සැප හොඳද? ඉති න්
සාමිනි! හිමිසඳ! නැගිටි න්
නුඹෙ රන් කඳ මැලවෙන්නේ
මගෙ සෙනෙහස වැඩිවෙන්නේ
ගුගුරා අද ළය දන්නේ
හිමිසඳ! නුඹෙ පලි ගන්නේ
ගොපලුන්ගෙන් බැනුම් ඇසිමි
තොටියාගෙන් බැනුම් ඇසිමි
කුමරුන්ගෙන් ඔත්තු ඇසිමි
දුක් විඳ මෙතනට ආවෙමි
නුඹ ආ රුදු කතර අනේ
බාදා දැක කීමි අනේ
නාසා ආ දැයි හිත නේ
දැන් මේ සැප හොඳද? අනේ