පින් මදිවාදෝ මෙනුඹ ට
අත්හැර ඇවිදින් මේ රට
දැන් මේ සැප හොඳද? උඹට
මගෙ ගනරන් එසාමි නේ
දුකී මට මගෙ හිමි සඳි නේ
දැන් මේ සැප හොඳද? අ නේ
මල්මද මගෙ හිමි සඳි නේ
පඬියට බස් තෙපල ද්දෝ
නඩු ඇත්නම් මරව ද්දෝ
මගෙ හිමි මිස වෙන නැද්දෝ
පඬියට නිවණක් ඇද්දෝ
මල් මද අනුරාග මතින්
මම දුක් විඳ ආමි රටින්
නුඹ ඉන්නේ මෙවැලිපිටින්
රන්වන් හිමි සඳ නැගිටින්
නොකර වඳ කර වඤ්ඤයි
එක ගිනි වැට බන් දඤ්ඤයි
හිමි සඳ ඔබේ පලි ගඤ්ඤයි
පඬියගෙ ඔද අර වඤ්ඤයි
ඉඳලා එක යහනකි නේ
ඇරලා ආ ගමන් අනේ
ඉන්වද මේ දුක් දැනුනේ
ඇරලා ආවද? මෙතනේ
සිත් ගරු කම් පෙන්නූ වේ
කොහොඹ මුලට ගෙන්නූ වේ
මැරුවයි හිමි ඇන්නෑ වේ
පඬි රජ බල පෙන්නූ වේ
ගත ගන රන් සිවී මැල්ලේ
කොසඹ තුරේ සෙව නැල්ලේ
සළු පිට නිදි නැත ඉල්ලේ
සැප නිදිදෝ? රළු වැල්ලේ
නෙත එන කඳුළැලි බෝවී
ලත ලවනත උණු වේවි
සුත සෙනෙහස ගුණ බෝවී
කොසොමද? අයියෝ පාවී
දහසක් පූජිත මෙ රටින්
මේ සක්‌වල නපුරු දු ටින්
රූපත් රන් කඳට ඉතින්
පෝසත් මගෙ හිමි නැගිටින්