5 පිටුව
 


 

මේ ලොව වස්‌තුව දුන්නත් සින්නේ
එක එක අඟලට නොවටී බොලන්නේ
කෙල්ලනි, මේකට මොනවද? ගන්නේ
සකුරුත් රඹකැන්වද අපි ගන්නේ

දෝත පුරාලා කෙල්ලට දුන්නේ
කෙල්ල ගෙනත් සාමින් අත දුන්නේ
පත්තිනි සඳ කුමරුන්ට බෙදන්නේ
කොසමද, ලඳුනෙයි දියවර බොන්නේ

වීදියකින් කොතලේ ගෙන්නන්නේ
සී! සී! ලඳුනෙයි නොබොමු බොලන්නේ
රජ කුමරුන් හට ඉඳුලි බොලන්නේ
එහෙනම් කොහොමද? දියවර බොන්නේ

සිටි ගල සිරි පතුල ඔබන්නේ
මානිල් මල් විල එතන මැවෙන්නේ
ඔන්න මලෙයි දියවර බීපන්නේ
අයියෙයි, මේ ලඳ කවුද? බොලන්නේ

ගොපලුන් විජ්ජා කෙනෙකි බොලන්නේ
සී! සී! අයියෙයි, ඔය නොකියන්නේ
තෙද ඇති පත්තිනි කෙනෙකි බොලන්නේ
මොනවද? ලඳුනෙයි, අපෙන් අසන්නේ

මිනිසකු මැරුවා දෝ විමසන්නේ
දවසට දහසක්‌ මරති බොලන්නේ
කොයි කොයි මිනිසෙක්‌ දෝ නොම දන්නේ
සලඹ සොරෙකු මැරුවද? විමසන්නේ

ඇයි අයියනි, උපමා නොකියන්නේ
කෑ කොට කොසමද? නොකියා ඉන්නේ
කටින් කීවොත් කට ඉරති බොලන්නේ
පිය රජ කට දිව ඉරති බොලන්නේ

අතින් කීවොත් අත කපති බොලන්නේ
කටින් කීවොත් කට ඉරති බොලන්නේ
අපි කී බව ලොව පළ නොකරන්නේ
කොසඹ රුකේ යට මැරුවා වැන්නේ

සත් දවසක්‌ ගණනින් පසු වෙන්නේ
එතනින් පත්තිනි සඳ වඩිමින්නේ
වරලස උනමින් පිටට හෙළන්නේ
විලාප කියමින් අඬාවැටෙන්නේ

සලෙලු බොළඳ කල දා සිට
සිනිඳු මෙමා ඔත් දා සිට
සම් බානෙන් ආ දා සිට
දැන් මේ සැප හොඳද? උඹට

(c) Shilpa Sayura Foundation 2006-2017