"දීප"... යනු පහන්ය. "ආවලී"... යනු මාලයයි. නැතහොත් පෙළයි. දීප එක්තරා පේළියකට තැබීම දීපාවලියයි.
සාමාන්‍යයෙන් ඔක්තෝබර් මස 20 වන දිනට යෙදෙන මෙම උත්සවයේ ආරම්භය පිළිබඳව පුරාවෘත්තයක්ද වේ. ඈත යුගයේදී "නරකාසුරන්" නම් දරුණු අසුරයෙක් විය. විෂ්ණු දෙවිඳුන්ට දාව භුමා දේවිය කුස උපන් මොහු මුලදී ඉතා හොඳ අයෙක් විය. පසුව නරක අය ඇසුරුකොට හෙතෙම නරක අයකු විය. ඔහු මිනිසුන්ට තාඩන පීඩන කළේය. වධ හිංසා කළේය මේ අවනඩුව ක්‍රිෂ්ණ දෙවිඳුනට සැලකිරීමෙන් පසුව ක්‍රිෂ්ණ දෙවිඳුන් විසින් නරකාසුරයා මරා දැමීය.

මරණාසන්නව සිටි නරකාසුරයා තමා කළ වැරදි පිළිබඳ පසුතැවිලි වෙමින් ඉල්ලා සිටියේ තමා මිය ගිය දවසට උත්සව පවත්වා තමා අනුස්මරණය කරන ලෙසය. ක්‍රිෂ්ණ දෙවිඳුද මීට අවසර දෙනු ලැබීය ක්‍රිෂ්ණ දෙවිඳුන් නරකාසුරයා විනාශකර එන මොහොතේදී ජනයා විසින් මඟ දෙපස පහන් දල්වා ආලෝකවත් කළේය.

තෙවන දින තෙල් ගා ස්නානය කොට පහන් පේළි වශයෙන් දල්වා පුද පූජා පවත්වනු ලබයි. සිව්වන දිනය තෑගි භෝග දෙන දිනයයි. මෙහිදී සහෝදරියනට සහෝදරයන් විසින් තෑගි දීම විශේෂත්වයකි. මෙම උත්සවය නාට්‍යකලාව වශයෙන් වැදගත් වන්නේ නරකාසුරන්ගේ මරණය නිරූපණය කරමින් සිදුකරනු ලබන රංගනයයි. මෙය අතිශයින් නාට්‍යමය ජවනිකාවකි.
සමස්තයක් වශයෙන් ගත්විට මේ සෑම පූජාකර්මයකම පාහේ නාට්‍යමය ලක්ෂණ දැකිය හැකිය. මේ පූජාකර්ම සඳහා සුවිශේෂ ස්ථානයක් යොදාගැනීම, පූජාකර්ම පවත්වන පිරිසක් සිටීම, එය නැරැඹීමට ප්‍රේක්ෂක පිරිසක් සිටීම ඒ ලක්ෂණ වේ. එමෙන්ම මේ සෑම පූජාකර්මයකම පාහේ ගැටුමක් හා නිරාකරණයක්ද දක්නට ලැබේ.
