නාට්‍ය පෙළක එන චරිත රචකයා විසින් නිර්මාණය කරනු ලබයි. කතා වස්තුවට අනුව අවශ්‍ය චරිත ප්‍රමාණය තීරණය කරනු ලබන්නේද රචකයා විසිනි. එහෙත් නවකතාවක මෙන් සංකීර්ණ චරිත නාට්‍යයක නිර්මාණය කිරීම අපහසුය.
නාට්‍යයක චරිත ගොඩනැගීමේදී කථා වින්‍යාසය, ශෛලිය, ආකෘතිය වැනි ලක්ෂණ වලට අනුකූලව නිර්මාණය කළ යුත හෙයිනි. එමෙන්ම නාට්‍යයක් පැයක් දෙකක් වැනි කෙටි කාලයකට සීමා වේ. එහෙයින් පාත්‍රයකු රංග භූමියට පිවිස වැඩි වේලාවක් ගතවීමට පෙර ඔහු කෙබඳු කෙනෙක්ද යන්න ප්‍රේක්ෂකයාට අවබෝධ කළයුතුය.
එබැවින් කිසියම් චරිතයක සවිස්තර විවරණයක් ඔහු ඉදිරියේ තැබීමට කාලවේලා නැත. එමෙන්ම චරිත කීපයක් වේදිකාවට ගෙනඒමටද සිදුවේ. එවිට කිසියම් පාත්‍රයකුට වචනයකට දෙකකට වඩා කතාකිරීමට හෝ විනාඩි දෙක තුනකට වඩා පෙනී සිටීමට හෝ ඉඩ නොලැබීමට පුළුවන.
එහෙත් ඒ සීමාව තුළදී ප්‍රේක්ෂකයා ඒ පාත්‍රයා හඳුනාගත යුතුය. ඔහු කෙබඳු චරිතයක් ඇත්තෙකුදැයි නිගමනය කළ යුතුය. එහෙයින් නාට්‍යකරුවා කරන්නේ කිසියම් පුද්ගලයකුගේ සම්බන්ධතා එකක් දෙකක් තෝරා ඒ මාර්ගයෙන් ඔහුගේ ඇයගේ චරිතය දැක්වීමයි. එබැවින් ඔහුට දක්නට ලැබෙන්නේ චරිතයෙන් එක් අංගයක් හෝ දෙකක් පමණී.
කිසියම් සම්ප්‍රදායකට අනුව චරිතයක් නිර්මාණය කරන විට එකී සම්ප්‍රදායේ ලක්ෂණයට අනුගත වීමටද නාට්‍ය රචකයාට සිදුවේ. කෝලම, සොකරි, නාඩගම්, නූර්ති මීට නිදසුන්ය. චරිතයක් නිර්මාණය කිරීමේදී තමා ලැබූ අත්දැකීම් පදනම් කරගනී. ඊට අමතරව පරිකල්පනය මෙහෙයවා චරිත නිර්මාණය කළහැකිය.
ඊට අමතරව රංග සම්මුතීන්, සදාචාර පිළිගැනීම් චරිත නිර්මාණයේදී සැළකිය යුතුවේ. චරිත ප්‍රධාන හා අප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. අප්‍රධාන චරිත ප්‍රධාන චරිත හා මනාව බද්ධ වියයුතුය. අන්‍යෝන්‍ය සබඳතා සුරැකෙන පරිදි ක්‍රියා කළ යුතුය. නිර්මාණය කරන ලද චරිත සැබෑ චරිත ලෙස පෙනී යායුතුය. නැතහොත් ප්‍රේක්ෂක විශ්වාසය බිඳවැටී එම චරිත රූකඩ බවට පත්වනු ඇත.