අනුවර්තන නාට්‍යයක් යනු මුල් කෘතිය ඇසුරෙන් බසින් පමණක් නොව එහි එන චරිත නාම, ස්ථාන නාම හා ඊට අයත් අංග පරිසරයකට අනුකූල අන්දමින් සිය සිතැඟි පරිදි වෙනස් කොට වේදිකාවට ගෙනඑනු ලබන නාට්‍යයයි. නාට්‍යයක් අනුවර්තන නාට්‍යයක් ලෙස වේදිකාවට ගෙනඒමට බලපෑ හේතු කීපයකි. විදේශීය නාට්‍යය පරිවර්තනයක් තුළින් ඒ අයුරින්ම ලාංකික ප්‍රේක්ෂකයනට රසවිදීමට නොහැකිවීම, ස්වතන්ත්‍ර නාට්‍යය බිහි නොවීම හේතුව නිසා විකල්පයක් ලෙස විදේශීය නාට්‍යය වේදිකාවට ගෙනඒම විදේශීය නාට්‍ය රසවිඳීමට අවස්ථාව සලසාදීම, විශ්ව නාට්‍ය කලාව ලාංකික ජනතාව අතරට ගෙනඒම, පොදුවේ නාට්‍ය කලාව කෙරේ උනන්දුවක් ඇතිකිරීම වෙසෙසින් සඳහන් කළයුතු කරුණු අතර වේ.
අනුවර්තන නාට්‍යය කෙරේ මුලින්ම අවධානය යොමුකරනු ලැබුවේ ලංකා විශ්ව විද්‍යාලයේ නාට්‍ය සංගමයයි. මෙහිලා මහාචාර්ය ඊ.එෆ්.සී. ලුඩෝවයික් මහතා ඉටුකළ මෙහෙය අතිමහත්ය. අනතුරුව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ද මේ සඳහා දායක විය. විශ්ව විද්‍යාලීය නාට්‍ය සංගමය වර්ෂයකට එක බැගින් නාට්‍ය නිෂ්පාදනය කරනු ලැබූ අතර මින් බොහෝමයක් අනුවර්තන නාට්‍යය විය.
මොලියර් නම් ප්‍රංශ රචකයාගේ නාට්‍ය වෙද හටන (1935) නමින්ද, නාට්‍යය මුදලාලිගේ පෙරළිය (1943) නමින්ද, රුසියානු ජාතික නිකොලායි ගොගොල්ගේ කපුවා කපෝති (1945) නමින්ද, වේදිකාවට ගෙන ආ අතර ඒවා ප්‍රශස්ත ගණයේ අනුවර්තන ලෙස හදුන්වා දියහැකිය. ඔස්කා වයිල්ඩ්ගේ නැමැති නාට්‍යය හැංගි හොරා නමින්ද, ඇන්ටන් චෙකෝෆ්ගේ යන කෙටි නාට්‍ය තුන වළහා, මඟුල් ප්‍රස්තාව, මැනේජර් යනුවෙන් සිංහල වේදිකාවට පැමිණි සාර්ථක අනුවර්ථන නාට්‍යය විය.
අනතුරුව අනුවර්තන නාට්‍යය බිහිකළ කීපදෙනෙකි. ගුණසේන ගලප්පත්ති, ස්පාඤ්ඤ ජාතික ගර්ෂියා ලෝකාගේ නාට්‍ය ඇසුරෙන් කළ "මුහුදු පුත්තු" ද, සුගතපාල ද සිල්වා ඉතාලි ජාතික ලුයිජි පිරැස්ඩෙලෝ ගේ නාට්‍ය ඇසුරෙන් කළ "හරිම බඩු හයක්" ද, ධම්ම ජාගොඩ ටෙනිසි විලියම්ස්ගේ ඇසුරෙන් කළ "වෙස්මුහුණු" ද, රන්ජිත් ධර්මකීර්ති ඇන්ටන් චෙකෝෆ්ගේ ඇසුරෙන් කළ "මහගෙදර" ද වෙසෙසින් සඳහන් කළයුතු අනුවර්ථන නාට්‍යය වේ.