4 පිටුව
 


 

ඉහලින් ගඟ දිය ඉහලට බෙදුනේ
පහලින් ගඟ දිය පහලට බෙදුනේ
දෙගොඩ තලා මැද සුදු වැලි පිපුනේ
එතනින් පත්තිනි සඳ වඩිමින්නේ

තොටියගේ වරිගෙට වඳුරු ගසන්නේ
තොටියා ඇවිදින් වැඳ පෙරැලෙන්නේ
ඳුටීද? සපන් කම් තොටියෝ උන්නේ
එදුක්‌ නිවා එතනින් වඩිමින්නේ

වෙඩිලක්‌ තිබුවා සේම ඇහෙන්නේ
දෙකට බෙදුනු දිය සමාදිවන්නේ
කොහොමද සාමිනි, පේරැස්‌ ගන්නේ
දෙපතුල ගාවා ඇවිත් තිබෙන්නේ

එතනින් පත්තිනි සඳ වඩිමින්නේ
මඟ බැස හිමියන් විමසා යන්නේ
මග සැට ගවුවක්‌ පසුකර යන්නේ
මාගේ තෙදබල පාමි බොලන්නේ

ගස මුල සෙවණට ගොසින් බසින්නේ
නුග මුළ සෙවනේ සැතපී ඉන්නේ
ළමයෝ දෙන්නෙක්‌ කෙළකෙළ එන්නේ
කොයි යනවද? ළමයිනි, තොපි දෙන්නා

කාටද අඩියෙයි, මැත දොඩවන්නේ
මෙනුවර රජුගේ කුමරුන් දෙන්නේ
පල්ලියෙ අකුරට ගොස්‌ බඩගින්නේ
යනවා කුමටද? තොපි විමසන්නේ

ගෑණු මෝඩකම් බෝය බොලන්නේ
ගෑණුන් කී බස්‌ අදග නොගන්නේ
විලඳද අතිරසදෝ දැන් කන්නේ
දොසිද නවසිද තැඹිලිද? කන්නේ

අග්ගලාද කිරි උණඩද කන්නේ
තල කැරලිද මුං කැරලිද කන්නේ
මළ බුලත්ද මඩ පුවක්‌ද කන්නේ
මෙකී දෙයින් දැන් මොනවද? කන්නේ

සී! සී! ලඳුනෙයි, නොකමු බොලන්නේ
රජ කුමරුන් හට ඉඳුලි බොලන්නේ
නො ඉඳුල් සැටියේ මේ වඩවන්නේ
එහෙනම් උඹලා මොනවද? කන්නේ

සකුරුත් රඹකැන්වද අපි කන්නේ
කරේ තිබුණ සලුපට ඉරමින්නේ
කෙල්ල අතට දී කඩේ අරින්නේ
කඩකරුගේ සිත සමාදි වන්නේ

(c) Shilpa Sayura Foundation 2006-2017