කොහොඹා කංකාරිය කොහොඹා දෙවියන් විෂයෙහි කරණු ලබන ශාන්ති කර්මයකි. සතර කෝරළය, සත් කෝරළය, සතර කෝරළය, උඩුනුවර, යටිනුවර, හේවාහැට, පාතදුම්බර හාරිස්පත්තුව යන ප්‍රදේශයන්හි මෙම යාතුකර්මය පවත්වනු ලබයි. කුවේණියගේ සාපයෙන් මිදෙනුවස් පඬුවස් දෙව් රජු දිවි දොස් දුරුකරනු වස් ප්‍රථම වරට මෙම ශාන්ති කර්මය කරවන ලද බව කියැවේ.
ඉස් සෝදා නා ඇඳුම් ආයිත්තම් හැඳ දෙවියන්ගෙන් අවසර ගැනීම යනුවෙන් හඳුන්වනු ලබන හගල ඇදීමෙන් රඟමඩලට පිවිසීමෙන් අනතුරුව කොහොඹා කංකාරියේ ඉතිහාසය කියාපාන අස්න නැටීම හෙවත් ආසන නැටුම සිදුකරනු ලබයි. අනතුරුව පිළිවෙලින් දලුමුර, ගුරුගේ මාලාව, යක්කම් පදය, මාලප්පුව, කෝල්පාඩුව අන්වැද්දුම, වැද්දන් ගිවිස්සීම, දාන පහ මල නැටීම, තාලය නැටීම, යක්කම්පහ කතා පහ ඉදිරිපත් කරනු ලබයි. පැමිණි සියලු දෝෂාන්ධකාර දුරුකරනු වස් අසීලය ළඟ සිටුවා ඇති කෙහෙල් මුවයට විදීමෙන් කරනු ලබන මුවමල විදීමෙන් කොහොඹා කංකාරිය අවසන් කරනු ලබයි.
අනෙකුත් ශාන්ති කර්මවල මෙන්ම කොහොඹා කංකාරියේද සමාරෝපය, අනුකරණය, සංවාද වැනි නාට්‍ය ලක්ෂණ දැකිය හැකිය. එසේ වුවද කොහොඹා කංකාරියේ එන අන්තර් රංගයක් වු යක්කම් පහ (නයා යක්කම,ඌරා යක්කම,වැදි යක්කම,දර්ශන යක්කම,සීතා යක්කම) නාට්‍යමය ලක්ෂණ දැකිය හැකි ජවනිකා ලෙස හඳුන්වා දියහැකිය. යක්කම් පහ අතරින්ද නයා යක්කම, ඌරා යක්කම එසේ බහුල වශයෙන් නාට්‍ය ලක්ෂණ දැකිය හැකි යක්කම් වේ. මීට අමතරව ගුරුගේ මාලාව හා ගබඩා කොල්ලය යන අංශ වලද නාට්‍යමය ලක්ෂණ දැකියහැකිය.