ශ්‍රී ලංකාව ථෙරවාදී බුදුදහමෙන් පෝෂණය වූ කලා සම්ප්‍රදායකට හිමිකම් කියන රටකි. එහෙයින් නාට්‍ය කලාව වැනි සංස්කෘතිකාංග වලට පුළුල් අනුබලයක් නොලැබුණි. එසේ වුවද බෞද්ධ පූජා කර්ම හා චාරිත්‍ර විධිකුල දේශීය නාට්‍ය කලාවේ මූල බීජයන් විද්‍යාමාන වන බව ඒ පිළිබඳ විමසිල්ලට භාජනය කරන විට පෙනීයයි. පිරිත් පින්කම්, ආලවක දමනය, සූවිසි විවරණ, දොරකඩ අස්න, මිලින්ද ප්‍රශ්නය, යුගාසන බණ මෙවන් නාට්‍යමය ලක්ෂණ දැකියහැකි බෞද්ධ පූජා කර්ම වේ.
නාට්‍යයේ මූලික ලක්ෂණ කීපයක් දැකියහැකි දොරකඩ අස්න බුද්ධාගම හා ගැමි ඇඳහිලි අතර මනා සංකලනයෙන් ඇතිවූ චාරිත්‍ර විධියෙනි. මෙහි සමාරෝපය, සංවාදය වැනි නාට්‍ය ලක්ෂණ දැකිය හැකිය. ආලෝක දමනය මෙන්ම මිලින්ද ප්‍රශ්නයද ඉදිරිපත් කරන්නේ නාට්‍යානු සාරයෙනි. ආලෝක දමනයේදී බුදුරදුන් ලෙස භික්ෂුවක් ද අලව්වකු ලෙස ගිහියකු ද යොදාගනු ලබයි. මිලින්ද ප්‍රශ්නය නාගසේන හිමියන් ගේ චරිතය නිරූපණය සඳහා භික්ෂුවක් ද මිළිදු රජු ලෙස සැරසුණු ගිහියකුද අතර සිදුවන සංවාදයක් ලෙස ඉදිරිපත් කරනු ලබයි. බුදු දහම ඇදහූවද ගැමි බෞද්ධ ජනතාව දෙවියන්, යකුන්, ප්‍රේතයන් හා වෙනත් භූතයන් පිළිබඳ විශ්වාසයන්හිද එල්බගෙන සිටිති.
සොකරි
එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙරට ගැමි ජනතාව අතර යකුන් සඳහා කෙරෙන තොවිල්, දෙවියන් උදෙසා කෙරෙන මඩු, ස්තෝත්‍ර, නවග්‍රහයන් වෙනුවෙන් කෙරෙන බලියාග, සශ්‍රිකත්වය පතා කෙරෙන කංකාරි, සොකරි වශයෙන් කෙරෙන විවිධ මට්ටමේ ශාන්ති කර්ම විශේෂයන් වේ. මෙම ශාන්ති කර්මයන්හි අනුකරණය, සමාරෝපය, සංවාද වැනි නාට්‍ය ලක්ෂණ බහුල වශයෙන් දැකිය හැකිය. එහෙත් යාතුකර්ම හුදු නාට්‍ය නම් නොවේ. එහි අරමුණ රසාස්වාදය නොව ජීවිතයේ අර්ථයක් සිද්ධකර ගැනීමය. එහෙත් නාට්‍යමය අවස්ථාවන් ගොඩනැගීමට හේතුවන කරුණු එහි ඇත.
දහ අට සන්නිය
චරිත නිරූපණය පහසු කිරීම් වස් නර්තනයන් ඇඳුම් පැළඳුම් වලින් සැරසීම, මුහුණේ හැඩතල දැමීම, රංග භාණ්ඩ භාවිතය රඟමඩල නමින් හැඳින්නොවුනත් රඟපෑම සඳහා යාග මඩලක් යොදාගැනීම, දෙබස් හා සංවාද මගින් සිදුවීම ඉදිරියට ගලායෑම ආදිය සිදුවේ. මේ ආදී වශයෙන් කෙරෙන ශාන්ති කර්ම උඩරට, පහතරට, සබරගමු වශයෙන් ප්‍රධාන සම්ප්‍රදායන් තුනටම අයත් වේ. කොහොඹා කංකාරිය උඩරට සම්ප්‍රදායටද, යක් තොවිල්, ගම් මඩු, දෙවොල් මඩු, පහතරට සම්ප්‍රදායටද, පහන් මඩු, ගී මඩු ආදිය සබරගමු සම්ප්‍රදායන්ටද අයත් වේ.
ගරා යකුම