3 වන පිටුව
 

කණට දෙමික්‌කන් මේවර දෙඤ්භයි
කරට පදක්‌කම් මාලය දෙඤ්ඤයි
ඇඟට රනෙන් හැට්‌ටය පොර වඤ්ඤයි
අතට ගිගිරි බැඳි වළලුත් දෙඤ්ඤයි

පයට පදක්‌කම් පා මුදු දෙඤ්ඤයි
ඉණට කසීසළු දිවසළු දෙඤ්ඤයි
ඇදට වියන් පටපිළි අතු රඤ්ඤයි
අදට නවාතැන් මෙනුවර දෙඤ්ඤයි

මෙ කාරණය කිව්වත් මම නොසිටිමි
හිමියන් දුටුතැන යහනේ සැතපෙමි
හිමියන් ගිය මේ මඟ බැසලා යමි
ගොපලුන් කීවිට අද මම නොසිටිමි

ඇල්ලක දුය කෙලිනා මෙනි ලාගේ
වැල්ලක බැසයන මෙනි අනුරාගේ
තෙල්ලක ඇඳි රුවටත් වැඩි ලාගේ
කෙල්ලක දෝ! සැඟවී යන කාගේ

වීදිය පසුකර ඈතට යන්නේ
ගොපලුන් අද මට බැවපු බොලන්නේ
මාගේ හිමියොයි මට බන්නන්නේ
බැන්නත් හිමිහට පව් නොපිරෙන්නේ

කාවෙරි ගඟ ගාවට බසිමින්නේ
වැසි නැති වතුරක්‌ ඒ ගඟ එන්නේ
මන්ද! තොටිය තෝ ඔරු නොපදින්නේ
මම්වද අඟනක්‌ මෙගොඩ සිටින්නේසභ

කාටද අඩියෙයි මැත දොඩවන්නේ
ඔහොම ගෑණුදෝ! මෙනුවර ඉන්නේ
ඔහොම අයට අපි ඔරු නොපදින්නේ
ඔහොම ගෑණුදො ඔරුවේ යන්නේ

මාගේ අයියෙයි මට නොබණින්නේ
කෙල්ලක්‌ ඕනෑනම් අරගන්නේ
කොල්ලෙක්‌ වටිනා මිල අරගන්නේ
ඒ අරගනවත් එගොඩ කරන්නේ

මේ මොන අනුවන කම්ද? කියන්නේ
මේ ගඟ රජුගෙන් තහන්දි වන්නේ
කුමටද අයියෙයි, තහන්දි ව න්නේ
කොයි සැටිදෝ මට නොදැනෙන්නේ

අහසට පොළොවට දෙස්‌ කියමින්නේ
දුක්‌ කොයි දෙවියෝ දෝ මට දුන්නේ
සුරතින් පේරැස්‌ මුදු ගලවන්නේ
දෝතින් රන් මුදු ගඟට දමන්නේ

(c) Shilpa Sayura Foundation 2006-2017