සංගීතය හා නර්තනය නාට්‍යයක අදාළ අවස්ථාවට හා ශෛලියට ගැලපෙන සේ නාට්‍යයේ සාර්ථකත්වය සඳහා යොදාගැනීම මෙයින් අදහස් කෙරේ. සෑම නාට්‍යයකටම සංගීතය හා නර්තනය අත්‍යවශ්‍ය නොවේ.
එහෙත් නාට්‍ය පිටපත සංගීතය හා නර්තනය ඉල්ලන්නේ නම් එය ලබාදිය යුතුය. එහෙත් වර්තමානයේ බොහෝ නාට්‍යවල සංගීතය මෙන්ම නර්තනය ද අත්‍යවශ්‍ය අංගයක් වී තිබෙනු දැකිය හැකිය. ශෛලිගත නාට්‍යවල පමණක් නොව ස්වාභාවික නාට්‍ය පවා සංගීතයට හා නර්තනයට විශේෂ තැනක් හිමිව තිබෙනු දැකිය හැකිය. මෙයට හේතු වී ඇත්තේ සංගීතය හා නර්තනය මගින් නාට්‍යමය අවස්ථා පුළුල් ලෙස අර්ථ නිරූපණය යොදාගත හැකි හෙයිනි.
නාට්‍යයකට සංගීතය හා නර්තනය යොදාගැනීමේදී සැලකියයුතු කරුණු කීපයක් වේ. නාට්‍යයේ ශෛලිය, නාට්‍යයේ කතාවස්තුව හා එහි ස්වභාවය, සංගීතය හා නර්තනය තුළින් නාට්‍ය රසය මතුකරලීම, නිර්මාණාත්මක බව හා විවිධත්වය, විචිත්රත්වය, නාට්‍යය අවස්ථා තීව්ර කිරීම රංගනයට උචිත සංගීතය හා නර්තනය පෙළ තුළින් හඳුනාගැනීම එම කරුණු වේ.