රංග අලංකරණය
 

රංග අලංකරණය යනු නාට්‍යය පෙළෙන් කියවෙන පසුබිම රංග භූමිය මත නිර්මාණය කිරීමයි. එහෙයින් එය හුදෙක් වේදිකා සැරසිල්ලක් හෝ වේදිකා අලංකරණයට වඩා පුළුල් අර්ථයක ලා සැලකෙන්නකි. ආහාර්ය අභිනයට අයත් රංග අලංකරණය වූ කලී නාට්‍යයයේ ශෛලිය අනුව නිෂ්පාදකයාගේ උපදෙස් මත නිර්මාණ ශිල්පියෙකු විසින් කරනු ලබන නිර්මාණාත්මක කාර්යයකි.




රංග ශෛලිය අනුවත් රංග භූමියේ ස්වභාවය අනුවත් විවිධ පසුතල, රංග භාණ්ඩ හා රංගාවලෝකය යොදාගනිමින් මේ කාර්යයේ නිරතවිය යුතුය.


රංග අලංකරණයේදී අදාළත්වය පිළිබඳව සැලකිළිමත් වියයුතු කරුණු කීපයකි. කථාවස්තුව අදාළ යුගයට, පරිසරයට, දේශය හා සංස්කෘතියට ගැලපෙන බව, ශෛලිය, අර්ථකථනය, වර්ණ සංයෝජනය රංග කාර්යයේද ස්වභාවය, පරිහරණයේ පහසුව, අඩු මුදල් ප්‍රතිපාදනය ඒ කරුණු වේ.





රංග අලංකරණය පිළිබඳ නිගමනයකට පැමිණිය යුත්තේ නාට්‍ය ආකෘතිය තීරණය කරනු ලබන අවස්ථාවේදීය. රංගභූමි අලංකරණයේදී පසුතල මැවීම පිළිබඳ අමුතුවෙන් කිවයුතු නැත. අවස්ථාවෝචිතව කෙරෙන පසුතල නිර්මාණය නාට්‍යයේ සාර්ථකත්වයට මෙන්ම නාට්‍යයේ අර්ථය තීව්‍ර කිරීමටද ප්‍රබල හේතුවක් වේ. රංග අලංකරණය සඳහා රංගභාණ්ඩ තෝරා ගැනීමේදී නළු නිළියනට රඟපෑමට ඉඩලැබෙන පරිදි තෝරාගත යුතුය. ස්වාභාවික නාට්‍යවලදී රංගභූමි අලංකරණය වෙසෙසින් වැදගත් වේ.


 



 

(c) Shilpa Sayura Foundation 2006-2017