අංගරචනය
 

නළුවාගේ ශරීර ලක්ෂණ නාට්‍යයේ චරිතයට ගැලපෙන ආකාරයට සැකසීම අංගරචනයයි. මෙහිදී මුහුණ, හිස, රැවුල, ඇහිබැම, ඉරි රැළි හැඩවලින් සරසාලයි. එය ආහාර්ය අභිනයට අයත්වන අතර සාත්වික අභිනයේ ප්‍රකාශන තීව්‍ර කරනු ලබයි. එමෙන්ම අංගරචනය තුළින් නළුවන්ගේ භූමිකාව ද තීව්‍ර වේ. සමාරෝපය හා නළු කාර්යයේ සාර්ථකත්වය උදෙසා අංගරචනය ඉවහල් වේ.



අංග රචනයේදී චරිතවල ස්වභාවය, රංගකාර්යයට උචිත බව, කතාවස්තුවට, ශෛලියට ගැලපීම, වර්ණ ගැලපීම, අලංකාරය, ආලෝකකරණය හා ගැලපීම, පසුතල සමඟ ගැලපීම, රංග වස්ත්‍රාභරණ හා ගැලපීම යන කරුණු කෙරේ සැළකිලිමත් විය යුතුය. අංගරචනයෙන් චරිතයට තමාගේ පුද්ගලභාවය සඟවාගෙන අන්‍ය ස්වභාවයක් ආරෝපණය වේ. අංගරචනය හරිනොගියහොත් ප්‍රේක්ෂක විශ්වාසය බිඳවැටේ. එහෙයින් අංගරචනය සුවිශේෂි අධ්‍යයනයකින් සිදුකළ යුතුවේ. නළුවකු හෝ නිළියක චරිතයකට සුදුස්සෙකු කරනුයේ අංග රචනයයි.

 වේෂ නිරූපනයට පෙර

 වේෂ නිරූපනයට පසු


 



 

(c) Shilpa Sayura Foundation 2006-2017