ශෛලිය යනු ප්‍රකාශන විලාසයයි. නාට්‍යයක ප්‍රධාන ශෛලීන් දෙකක් ඇත. ඒ ලෝකධර්මී (ස්වාභාවික) හා නාට්‍ය ධර්මි (ශෛලගත) යනුවෙනි. කිසියම් සිදුවීමක් හෝ පුවතක් පිළිබඳ අවස්ථාවක් එය සිදුවූ අයුරින්ම නිර්මාණය කර දැක්වීම ලෝකධර්මී නාට්‍යය වේ.
ලෝකධර්මී නාට්‍යය ශෛලියේදී නාට්‍යයේ කථාවස්තුව, ගමන් තාල, සංවාද, වෙස් මෝස්තර රංගභාණ්ඩ, රූපනය ආදී සෑම අංග ලක්ෂණයක්ම සාමාන්‍ය අවස්ථාවනට සමීප වේ. එදිනෙදා ජීවත්වන ආකාරයට සමීපව හැසිරීම, සංවාද හා දෙබස් යොදාගැනීම, වස්ත්‍රාභරණ යොදා ගැනීම ආදී ලෝකධර්මී ලක්ෂණ වේ.
නාටකයේ රචනය පමණක් නොව රංග ශාලාව, ප්‍රේක්ෂකාගාරය යනාදියද රඟදැක්වීමේදී යොදන අන් සියළු උපක්‍රමයන්ද පිළියෙල කරන්නේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ සැබෑ සිද්ධියක් අනාවරණය වන ආකාරයෙනි. ලෝකධර්මී නාට්‍යය සංවාද නාට්‍යය යනුවෙන්ද හඳුන්වනු ලබයි.
ඊට හේතුව සත්‍ය ජීවිතයේදී අපට හමුවෙන සැබෑ මිනිසුන් ජීවමාන ලෙස වේදිකාව මතට නංවා සංවාද මාර්ගයෙන් නාට්‍යමය අනුභූතියන් ගොඩනැගීමට උත්සාහ ගන්නා හෙයිනි. ප්‍රේක්ෂකයාද ලෝකධර්මී නාට්‍යයන් නරඹනුයේ සැබෑ සිද්ධියක් දෙස බලාගෙන සිටිතැයි යන සිතුවිල්ලෙනි.
ලෝකයේ පවතින සාමාන්‍ය ක්‍රමයට වෙනස්ව කිසියම් ශෛලියකට අනුව නිරූපණය කර පෙන්වීම ශෛලිගත හෙවත් නාට්‍යධර්මී නම් වේ. මෙහිදී ගමන බිමන, කතාව, ඇඳුම් පැළඳුම් ආදී සියල්ල චිරාගත සම්ප්‍රදායානුකූල ශෛලියකට අනුව හැඩගැසෙයි. සිදුවීම්, ඉරියව් ආදිය නැටුම්, ගැයුම්, අභිනය හා සංකේත මඟින් ප්‍රකාශ වේ. රිද්මයානුකූල චලන, සංවාදවල ගීතවත් බව, ආත්මගත භාෂණය වැනි රංගෝපක්‍රම, වඩා විචිත්‍ර අංගරචනය, රංග වස්ත්‍ර යොදාගැනීම නාට්‍යධර්මී නාට්‍යවල ලක්ෂණ වේ. ප්‍රේක්ෂකයාද රංගභූමිය මත දැකීමට බලාපොරොත්තු වන්නේ ස්වාභාවික තත්ත්වයෙන් නොව කල්පිතයකි.
රංගභූමියේදී සිදුවන දේ අස්වාභාවික වියහැක. එය පියවි ලෝකයේදී ඒ අයුරින් සිදුනොවනු ඇත. එහෙත් ශෛලිගත සම්ප්‍රදායේදී එය විශ්වාසනීයය.
Classicism
Neo-classicism
Elizabethan
Restoration
Romanticism
Realism
Naturalism
Impressionism
Expressionism
Absurdism